ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය
ජනසන්නිවේදනය අනිකුත් සන්නිවේද ක්‍රම වේද වලය වඩා පැහැදිලි වෙනසක් දැකිය හැකිය. සන්නිවේදනය සදහා සංකීර්ණ ක්‍ර මවේදයක් භාවිතා කරයි. යන්ත්ර උපයෝගී කරගනිමින් වෘත්තීය සන්නිවේදකයන් යොදා කිසියම් දුර පරාසයකට පණිවිඩයක් බෙදා හරී. විශාල ගාහක පිරිසකට බලපෑම් කිරීමටද ඉන් හැකියාව පවතී. තොරතුරු බෙදාහදා ගැනීමේදී පූර්ව හැදුනුම්කමක් අවශ්‍ය නොවේ. ජනසන්නිවේදනය නැමති සන්නිවේදනය තුළ පැහැදිලිව සාකච්ඡා කළ හැකි කරුණු රැසක් පවතී. ජනසන්නිවේදන ක්‍රි යා වලිය විධිමත්ය. ආයතනගතව පොදුවේ කිසියම් ජන කණ්ඩායම් හෝ ගාහක පිරිස් වෙත කිසියම් තාක්ෂණික මාධ්‍යක් ඔස්සේ යවනු ලබන පණිවිඩවලින් එය සමන්විත වේ. සෑමවිටම ජනසන්නිවේදනය තාක්ෂණය සමග බද්ධ වේ. මහාචාර්ය විල්බර් ශාම්ට අනුව ජනසන්නිවේදනය යනු බෙහෝ විට සංවිධානාත්මක පිරිසක් විසින් තවත් පිරිසක් වෙතට සංදේශයක් ලං කිරීමකි. එසේම ජනසන්නිවේදනය තවත් අයුරකින් නිර්වචනය කළ හැකිය. එනම් ජනසන්නිවේදනය යනු සංකීර්ණ සංවිධානයක් විසින් යන්ත එකක් හෝ වැඩි සංඛයාවක් යොදාගනිමින් බහුතර ජනතාව ඉලක්ක කර පණිවිඩ නිපදවා ඒවා විශාල විවිධත්වයක් ගත් සහ විසිරඅණු තාහක පි...