ඉගෙනුම් මෙවලමක් ලෙස ජනමාධ්‍ය

     අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා එහි ස්වභාවය පදනම් කොටගෙන යුනෙස්කෝව විසින් වර්ගීකරණය කර ඇත්තේ විධිමත්,  අවිධිමත් හා නොවිධිමත් යනුවෙන් තුන් වැදෑරුම් වශයෙනි. එසේම අධ්‍යාපනය පුද්ගලයෙකු තුළ සිදුකරන බලපැම හෙවත් ජීවිත වෙනස ද තුන් ආකාරයකට බෙදා දැක්වීමට අධ්‍යාපන විද්‍යාඥයින් උනන්දු වී තිබේ. ඒ ප්‍රජානනය, ආවේදනික හා මනෝචාලක වශයෙනි. එහිදී බුද්ධිමය සංවර්ධනයත්, හදවත දියුණු කිරීමත්, ක්‍රියාකාරිත්වය දියුණු කිරීමත් අධ්‍යාපනයේ කාර්යයන් සේ සරලව හඳුනාගත හැකිය.

     ඉගෙනුම් මෙවලමක් ලෙස ජනමාධ්‍ය යොදාගැනීමේදී ඉහත සියලුම කරුණු පිළිබ අවධානයක් තිබිය යුතුය. ජනමාධ්‍ය සළකන්නේ අවිධිමත් අධ්‍යාපන මාධ්‍යක් ලෙසිනි. අවිධිමත් අධ්‍යාපන මෙවලමක් වශයෙන් ජනමාධ්‍යට පුද්ගලයෙකු තුළ ප්‍රජානන, ආවේදනික මෙන්ම මනෝචාලක අංශයන්හි සංවර්ධනයට අවිධිමත් විශාල බලපෑමක් සිදුකළ හැකිය. එනම් පුද්ගලයෙකුගේ දින චර්යාවෙන් සැලකිය යුතු කාලයක් ජනමාධ්‍ය ඇසුරු කිරීම සදහා ගතවන බැවිනි. පුවත්පත කියවීම ගුවන්විදුලියට සවන්දීම සහ රූපවාහිනිය නැරඹීම යන කාර්යයන්ගෙන් කීපයකට හෝ සියල්ලන්ට දෛනිකව මිනිසා විශාල කාලයක් මිඩංගු කරන බැවිනි. ජනතාවගේ ජීවිතයේ අවියෝජනීය කොටසක් බවට පත්වී ඇති ජනමාධ්‍ය විසින් ජනතාව වෙත ඉටු කළ යුතු කාර්යභාරයන් අතර ජනතාවගේ ඉගෙනුම් සදහා ඇත්තේ විශේෂිත අවධාරණයකි. හැරල්ඩ් ලැස්වෙල් ගේ අදහසට අනුව සමාජ උරුමය අඛණ්ඩව ව්‍යාප්ත කිරීම යනු ජනමාධ්‍යන්ගේ මූලික කාර්යන්ගෙන් එකකි. විල්බර් ශාම් එය හදුන්වන්නේ ජනමාධ්‍ය ගුරුවරයෙකුගේ කාර්ය ඉටු කළ යුතු බවයි. එම අදහස් දෙකෙන්ම පැවසෙන්නේ අධ්‍යාපන පිළිබ මාධ්‍යන්ට ඇති වගකීමයි. ජනමාධ්‍යන්ගේ තුන්වැදෑරුම් කාර්යය අභිබවා විනෝදාස්වාදය ලබාදීම ජනමාධ්‍යන්හි සිව්වන කාර්යභාරය ලෙස මතුවී ඇති වර්තමානයේ ඉගෙනුම් කාර්ය විනෝදාස්වාදය හා බද්ධ කරමින් අධයාපන පූර්ව විනෝදය (Edutainment) යනුවෙන් සමාජ ගතවී තිබේ. මාධ්‍ය ආයතන තම සංදේශකරනයෙදී සමාජගත කරන සංදේශ තුන් ආකාරයකට පෙන්වා දී තිබේ. ඉගෙනුම් මෙවලමක් ලෙස ජනමාධ්‍ය දක්වන දායකත්වය පහත ලෙස වර්ග කළ හැක. 

1. මෙහෙයුම් සංදේශ

     සමාජයේ පොදු අවශ්‍යතාවන්ට අනුගත කරගැනීම හෙවත් මෙහෙයවා ගැනීම සදහා යොදා ගනු ලබන සංදේශ විධි කිහිපයකි. දැනුවත් කිරීම, නියෝග පැනවීම, අනුශාසනා කිරීම, උපදෙස් දීම, පෙළඹවීම සහ අනතුරු ඇගවීම ඇතුළත් කළ හැකිය.

2. නඩත්තු සංදේශ

     සමාජයේ එදිනෙදා පැවැත්ම සහතික කිරීමට අවශ්‍යකරන බඩු මිල, කාළගුණ අනාවැකි, ණය පහසුකම් ලබා ගැනීමේ අවකාශ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, කලා සහ සංස්කෘතික නිෂ්පාදන පිළිබ තොරතුරු විභාග පැවැත්වීම රැකියා අවස්ථා යනාදි පුළුල් පරාසයක තොරතුරු මෙයට ඇතුළත් වේ. 

3. ශක්තිජනක සංදේශ 

     ජනතාවගේ අවශයතාවන් ඉටුකර දෙන වටිනාකම් ආකල්ප සහ චර්යාවන්ගේ වර්ධනයක් සිදු කරන එමෙන්ම පුද්ගල මානසික කළමණාකරණයට අනුබලය දෙන මානව සම්බන්ධතා ශක්තිමත් කිරීට දායක වන ජීවිතය හා වෘත්තිය ජීවිතය තෘප්තිමත් කරවන සංදේශ මෙම වර්ගයට අයත් වේ. 

ජනමාධ්‍යට ඉගෙනුම් මාධයක් ලෙස මැදිහත්විය හැකි ආකාර කිහිපයකි.

  • ඉගැන්වීම් අනුපූරකයක් ලෙස
  • ඉගෙනුම් කාර්යයට ප්‍රබෝධයක් ලෙසින්
  • සෘජු ඉගෙනුම් මාධයක් ලෙසින්
  • සර්ව අධ්‍යාපන මාධ්‍යක් ලෙස‍
     අවිධිමත් අධයාපනය තුළ ජනමාධ්‍යට තවමත් විශාල අවකාශයක් ඉතිරිව තිබේ. ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද අවශ්‍ය කරන යාවජීව අධ්‍යාපනික දැනුම ලබාදීමට පුවත්පත, ගුවන්විදුලිය මෙන්ම රූපවාහිනියට ද ඇති අවකාශය ඉහළ තැනක තිබුණද එය තවමත් භාවිතයට ගෙන ඇත්තේ ඉතා අවම වශයෙන්ය. 




Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..