ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය


    ජනසන්නිවේදනය අනිකුත් සන්නිවේද ක්‍රමවේද වලය වඩා පැහැදිලි වෙනසක් දැකිය හැකිය. සන්නිවේදනය සදහා සංකීර්ණ  ක්‍රමවේදයක් භාවිතා කරයි. යන්ත්ර උපයෝගී කරගනිමින් වෘත්තීය සන්නිවේදකයන් යොදා කිසියම් දුර පරාසයකට පණිවිඩයක් බෙදා හරී. විශාල ගාහක පිරිසකට බලපෑම් කිරීමටද ඉන් හැකියාව පවතී. තොරතුරු බෙදාහදා ගැනීමේදී පූර්ව හැදුනුම්කමක් අවශ්‍ය නොවේ. ජනසන්නිවේදනය නැමති සන්නිවේදනය තුළ පැහැදිලිව සාකච්ඡා කළ හැකි කරුණු රැසක් පවතී.

ජනසන්නිවේදන  ක්‍රියාවලිය විධිමත්ය. ආයතනගතව පොදුවේ කිසියම් ජන කණ්ඩායම් හෝ ගාහක පිරිස් වෙත කිසියම් තාක්ෂණික මාධ්‍යක් ඔස්සේ යවනු ලබන පණිවිඩවලින් එය සමන්විත වේ. සෑමවිටම ජනසන්නිවේදනය තාක්ෂණය සමග බද්ධ වේ. මහාචාර්ය විල්බර් ශාම්ට අනුව ජනසන්නිවේදනය යනු බෙහෝ විට සංවිධානාත්මක පිරිසක් විසින් තවත් පිරිසක් වෙතට සංදේශයක් ලං කිරීමකි.

එසේම ජනසන්නිවේදනය තවත් අයුරකින් නිර්වචනය කළ හැකිය. එනම් ජනසන්නිවේදනය යනු සංකීර්ණ සංවිධානයක් විසින් යන්ත එකක් හෝ වැඩි සංඛයාවක් යොදාගනිමින් බහුතර ජනතාව ඉලක්ක කර පණිවිඩ නිපදවා ඒවා විශාල විවිධත්වයක් ගත් සහ විසිරඅණු තාහක පිරිසක් වෙත යොමු කිරීමේ  ක්‍රියාවලියයි.

ජනසන්නිවේදන පද්ධතිවල පොදු ලක්ෂණ කීපයක්ද දැකිය හැකිය. ඒවා නම්,

විධිමත් බව

ජනසන්නිවේදනය බිහිවන්නේ සංකීර්ණ හා විධිමත් ආයතන මගිනි. පැහැදිලිව අර්ථකතනය කරන ලද ව්‍යුහයක් තුළ ජනසන්නිවේදනය ඉටුවෙයි. උදාහරණ ලෙස පුවත්පත්, රූපවාහිනී, හෝ ගුවන්විදුලි ආයතන ගත හැකිය. මේවායේ පිරිස් පාලනය මූල්‍ය කළමණාකරණය ආදිය සිදුවෙයි. තීරණ ගැනීමේ  ක්‍රියාවලියක්ද දැකිය හැකිය.

බහුවිධ දොරටුපාලකයන් සිටීම

ජනසන්නිවේදන ආයතනවලට පොදු වූ තවත් විහේශ ලක්ෂණයක් වන්නේ දොරටුපාල  ක්‍රියාවලියයි. සෑම ජනමාධ්‍ය ආයතනයකම මෙවැනි දොරටුපාලකවරු  ක්‍රියාත්මක වෙති. එසේ වන්නේ ජනමාධ්‍ය මගින් ජනතාවට ලබාදෙන තොරතුරු සීමා කිරීම සිදුවන බැවිනි. විවිධ සාධක මත මෙම  ක්‍රියාවලිය රදා පවතී. 

ජනසන්නිවේදන ආයතන සදහා විශාල මුදල් සම්භාරයක් අවශ්‍ය වෙයි

ගුවන්විදුලි පුවත්පත් හෝ රඋපවාහිනී ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑම සදහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කළ යුතුය. බටහිර රටක නම් එය දැවැන්ත වියදමකි. ලංතාව වැනි රටවල පජා සහ පාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ කිරීමට සහ පවත්වා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් ජාතික මට්ටමේ මාධ්‍ය ආයතන සදහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීමට සිදුවෙයි. පබල මූල්‍ය හිමිකමක් ඇති දැවැන්ත සමාගම් විශාල වශයෙන් මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වයි. එහෙත් පවතින තරගකාරී වෙළදපොළ තුළ තරග කල හැකි වන්නේ එවැනි සමාගම් කීපයකට පමණි.

ජනසන්නිවේදන ආයතන පවත්වාගෙන යන්නේ ලාභ ඉපයීම සදහාය

බොහෝ ජනමාධ්‍ය ආයතන වල අරමුණ වන්නේ ලාභ ඉපයීමයි. ඇතැම් විට ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙම ලාභ ඉපයීමේ කාර්යයේ නිරත වෙයි. ඒ අනුව වෙළද දැන්වීම් ලබාදෙන ආයතන වලට අනුකූලව කටයුතු කිරීමට මාධ්‍යවලට සිදුවෙයි. 

ජනසන්නිවේදන ආයතන අතර විශාල තරගයක් පවතී

මෙය රදාපවතින්නේ ද ලාභ ඉපයීම සහ ගාහක ආකර්ෂණය කර ගැනීම මතය. එක් මාධ්‍ය ආයතනයකට වඩා නැගී සිටීමට හා ආකර්ෂණය වීමට තවත් මාධය ආයතනයක් කටයුතු කරයි. විවිධ වැඩසටහන් වර්ග හදුන්වා දෙයි. ඇතැම් වට තරගකාරීත්වය හේතුවෙන් සංස්කෘතියට පටහැනි වැඩසටහන් ඉදිරිපත් විය හැකිය. මාධ්‍ය ආයතනවල වැඩසටහන් වලට එරෙහිව විවේචන මතුවන්නේ එවිටය.

ජනසන්නිවේදනයේදී ක්‍රියාත්මක වන්නේ වෘත්තීයමය සන්නිවේදකයන්ය. ඔවුහු තම අත්දැකීම් පරාසය වර්ධනය කරගනිමින් ජනමාධයෙහි නිරත වෙයි. ජනසන්නිවේදන මාධ්‍යෙය් ක්‍රියාත්මක සන්නිවේදකයන් වැටුප් ලබන පිරිසකි.ආයතනික ව්‍යුහයේ රැදී සිටිමින් ඔහු කටයුතු කරයි. ගාහක ක්ෂේතය විමසීමේදී ජනසන්නිවේදනයෙදී වෙනසක් පවතී. එසේම විසිරුණු පෙදෙසක ඔවුන් වාසය කරති. ඔවුන් පොදු අරමුණක් ඔස්සේ ඒකරාශී වී සිටිති. ජනසන්නිවේදනයේ තවත් සවිශේෂත්වයක් වන්නේ ප්‍රතිපෝෂණයයි. ජනසන්නිවේදනයේ දී ප්‍රතිපෝෂණය අතිශය ප්‍රමාදකාරීය. ඇතැම් විට ප්‍රතිපෝෂණයක් නොතිබිය හැකිය.

ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හැදෑරීමේදී දොරටුපාල ක්‍රියාවලිය වැදගත් වන්නේ ඉන් සමාජ යථාර්ථය හෙළි කරන බැවිනි. ජනමාධ්‍ය දෙස අවධානය යොමුකිරීමේදී රූපවාහිතිය, ගුවන්විදුලිය හා පුවත්පත් මූලික වශයෙන් දොරටුපාල ක්‍රියාවලියට නැඹුරු වී ඇති ජනමාධ්‍යන්ය. දොරටුපාල ක්‍රියාවලිය තුළ සිදුවීම් ගණනාවක් දැකිය හැකිය. ඇතැම් සිද්ධියක් හෝ තොරතුරක් යටපත් කිරීම, වඩාත් හොදින් ඉස්මතු කිරීම, අර්ථකථනය කිරීම හෝ වැදගත්කම අඩු වැඩි කිරීම ද ඒ අතර වේ. ගුවන්විදුලි හෝ රූපවාහිනී අයතනයක නම් ඇතැම් විට සන්නිවේදකයාද දොරටුපාල ක්‍රියාවලියේ නිරත වේ.


Nipuni Gamage

Department of Mass Communication

University of Kelaniya

Comments

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..