මදක් ආපසු හැරී බලන්නට කොරෝනාවෙන් පාඩමක්..
ඉදින් වසරකටත් වැඩි කාලයක් ඔබේත් මගේත් මුළු මහත් සමාජයේත් එකම කතාබහ තවමත් නොනැවතී ඇත්තේ නැවතීමේ තිත තබන්නට හැකි අවසානයක් නොපෙනෙන නිසාවෙනි. එක හැල්මේ එකිනෙකා පරයා තරගයෙන් දුව ගිය මාවතෙහි එකම තැනක සියල්ල රඳවා නවතා ඇත්තේ ආ මග දෙස මොහොතක් හැරී බලන්නට කාලය උදා කරමිනි. වත්පොහොසත්කම්, බල පුලුවන්කාරකම්, තනතුරු තානාන්තර පෙන්වමින් පුහු අණසක පතුරවමින් බලයෙන් උදම් අනමින් සිටියවුන් ඇඳක් මත වැතිරී හුස්ම පොදක් යදින තත්වයට ඇද වැටී ඇත්තේ කොරෝනාවට සියල්ලෝම සමාන බව පසක් කරමිනි. එකිනෙකා අතර අරගලයන් ගොඩනගාගන්නා පංති භේදයන්, කුල භේදයන් හා වර්ග භේදයන් මිනිසා විසින් මවාගත් අර්තශූන්‍ය පුහු වාගාලාප බව පසක් කරවමින් මුලු මහත් ලෝකයාටම සමානාත්මතාවයෙන් සළකන්නට කොරෝනා වගබලා ගෙන ඇත්තේ වචනයෙන් පමණක් ක්‍රියාත්මක වූ සමානාත්මතාව ක්‍රියාවෙන් ඔප්පු කරමිනි. අනෙකා සමග කුළල්කමින් වැට ඉන්නකට ගහමරා ගනිමින් දිනෙක බිම් අගලක් ජය ගත්තවුන් කොරෝනා මාරයා ඉදිරියේ අඩි හයේ සීමාවවත් ජය ගත නොහැකිව දැවී අලු වී යන්නේ මළ දේහයේ හිමිකාරීත්වයවත් නිවසට ලබා නොදෙමිනි. වනාන්තර ගිනි තබමින් ගහ කොළ කපාදමමින් හුස්ම පොද විකුණමින් ජීවත් වූවන් අද මාරයා අභියස ඔක්සිජන් මැෂිමේ පිහිට පතන්නේ මොහොතක් හෝ ජීවත් වීමටය. දිනෙක ගස් වැල් කපා දමමින් හුස්ම පොද මිළ කරන විට මිළට ගන්නටවත් හුස්ම වායුව නොමැති බවක් මිනිසුන්ට සිහි නොවන්නට ඇත. මිනිසුන් එකිනෙකා අතර වෛරය පතුරවමින් බොරු කේළම් විෂ පතුරවමින් සීමාවක් නොමැති බොරු ප්‍රලාප දොඩවමින් සිටි මිනිස් වර්ගයාගේම විෂ පිරි මුඛ වසා දැමීමට හැකි වූයේ කොරෝනාවටම පමණි. ඉදින් මොහොතක් හෝ සිතුනේද දිනෙක අප වැපිරූ විෂ+බීජයන්ගේ ඵලදාවන් දැන් අපට ලැබෙමින් පවතින බවක්.. එසේ නම් මේ උදා වී ඇත්තේ අපට නැවත වරක් සිතා බැලීමේ කාලය නොවේද? මෙතැන් සිට වචනයට එහා ගිය යමක් සිතන්නට ඔබට බාර කරමි.
සටහන - නිපුනි රංගිකා
කැළණිය විශ්වවිද්‍යාලය
ඇත්තම කතාව. 👍 බොහෝ දෙනෙකුට නොතේරෙන සත්‍යක්
ReplyDeleteGreat 👍
ReplyDeleteඋනුන් පරයා නැගෙන සෑම දෙයක්ම සොබාදම් මෑණියන්ට යටත් බව කොරොන නුබ පසක් කල අවසාන ය.
ReplyDeleteShould be read....
ReplyDeleteExellent creativity, wish you all the best for carrying this up.
ReplyDeleteSandupama.
Great article 💛
ReplyDeleteGreat idea.. keep it up
ReplyDeleteසියල්ල කල හැකියැයි සිතූ මිනිසා අද ඇසට නොපෙනෙන කොරෝනා හමුවේ දන ගසා ඇත.කාලෝචිත ලිපියකි. දුවගේ උත්සාහ ය අගය කරමි.
ReplyDelete