සාර්ථක ජීවිතයකට ධනාත්මක චින්තනයක්..
..ජීවිතයට සාර්ථක වෙනසක් අවශ්‍යද? පහත පියවරයන් 2 නිසි අයුරින් භාවිතා කළහොත් ඔබටත් ඔබගේ ජීවිතය තුළ පැහැදිලි වෙනසක් අත් විදීමට නිසකවම හැකිවනු ඇත..
😊දිනයක උදෑසන පැය නිසි පරිදි භාවිතා කරන්න.😊
ඔබ උදෑසන අවදිවූ මොහොතතේ සිට පැයක පමණ කාලය යනු, ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පවා හැකි ආකාරයේ සුවිශේෂී කාල වේලාවකි. සාමාන්‍යන් පැය 4ත් 6ත් අතර නින්දකින් පසු ඔබගේ ශරීරයට සාපේක්ෂව ඔබගේ සිතද යම් ආකාරයක තැම්පත් වීමක් සිදුවේ. උදාහරණයක් ගතහොත් එය මඩ වතුර පිරි භාජනයක් පැය කීපයක් එක් ආකාරයකින් තැබූ පසු එහි වූ මඩ අඩිය තුල තැම්පත්ව පිරිසිදු ජලය පමණක් ඉහළට පැමිණෙනවා වැනිය.
මේ මොහොතේදී ඔබ තුළ වූ බොහෝ අහිතකර සිතුවිලි තාවකාලිකව අක්‍රීයව පවතී. මෙවැනි වේලවක ඔබ ඔබගේ සිතට යමක් ඇතුල් කළහොත් එය නිවරදිව අවබෝධ කර ගැනීමේ මෙන්ම, යටි සිත තුළ තදින් තැම්පත් වීමක් සිතුවේ. එය හුදෙක් මා කලින් සදහන් කල මිදුනු මඩ සහිත වතුර වීදුරුවට තින්ත බිදුවක් එක් කලා වැනිය, මඩ මිදුනු අවස්ථාවක තින්ත ජලය සමග මිශ්‍ර වී, ජලය වර්ණ ගැන්වෙන ආකාරය ඔබට හොදින් දිස් වේ. බොහෝ විට දරුවන්ට උදෑසන පාඩම් කළහොත් හොදින් මතක තබා ගත හැකි බවට ලබා දෙන උපදේශයේ මනෝවිද්යාත්මක හරය වන්නේද මෙයයි.
එමෙන්ම ඔබ බොහෝ දෙනෙකු නිතර අත්විදින සිදුවීමක් නම් ඔබ උදෑසන යම් ගීතයකට සවන් දුන්නහොත් ඔබ කැමති ගීයක් වුවත් අකමැති ගීයක් වුවත් එය ඔබගේ දවස අවසාන වන තෙක් ඔබගේ මතකයේ හොදින් රැදේ, එය සිදුවන්නේද එය ඔබගේ මනස නිසලව තිබෙන වේලාවක ඔබගේ මනසට ඇතුල් වීම නිසාය.
එමෙන්ම මඩ වුනු වතුර වීදුරුවකට තින්ත බිදුවක් එක් කලහොත් ඔබට එය ජලය සමග මිශ්‍ර වනවා දැකිය නොහැක. ඔබට දැකිය හැක්කේ මඩ පැහැති ජලය පමණයි. ඒ ආකාරයෙන්ම ඔබගේ මනසේ බිය ශෝකය, පරාජය, අවිනිශ්චිත බව වැනි අහිතකර සිතුවිලි සක්‍රීයව පවතින විට කොතරම් ධනාත්මක දේ එක් කලත් එය ඔබගේ ජීවිතයට එක් කර ගැනීම ඉතා අපහසුය. බොහෝ විට ටිබෙටය වැනි රටවල බෞද්ධ භික්ෂූන් ධර්මය සාකච්චා කිරීමට උදෑසන අවදි වූ මොහොත භාවිතා කරයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේද අහිතකර සිතුවිලි වල බලපෑමෙන් මිදී තමා ඉගෙන ගැනීමට බලාපොරොත්තු වනදේ පහසුවෙන් තම සිත තුළ තැම්පත් කර ගැනීමය.
😊දවසේ පළමු පැය ධනාත්මක සිතුවිලි වලින් පුරවන්න😊
ඔබගේ තීරණ, ක්‍රියාකාරකම් ඇතුළු ඔබගේ ජීවිතයේ බොහෝ දේ තීරණය වන්නේ ඔබගේ යටි සිත තුළ තැම්පත් වී ඇති සිතුවිලි අනුවය. මෙහිදී ඔබගේ යටි සිතට යහපත් ධනාත්මක දේ ඇතුල් කරනවාත් සමග සාපේක්ෂව ඔබගේ ජීවිතයේ ඔබ ගන්නා තීරණ, ඔබ ක්‍රියා කරන ආකාරය ඇතුළු බොහෝ දේ වෙනස් වීමට පටන් ගනී. ඒ සමග ඔබට ලැබෙන ප්‍රතිඵල වලද වෙනසක් ඇති වේ.
ධනාත්මක යටි සිතක් ධනාත්මක සිතුවිලි ඇති කරයි, ධනාත්මක සිතුවිලි ධනත්මක තීර්ණ හා ක්‍රියාකාරකම් ඇති කරයි, ධනත්මක තීරණ හා ක්‍රියාකාරකම් ධනාත්මක ප්‍රතිඵල ඔබට ලගා කරයි. ඔබ එදිනෙදා ජීවිතයේ දකින සාර්ථක මිනිසුන්ගේ, 90% දෙනාගේ සාර්ථකත්වයේ රහස වන්නේ මෙයයි.
ඔබට උදෑසන ඇහෙන ගීත කොටසක් ඔබට දවස පුරා මතක සිටීමට, නැවත නැවත එය ඔබගේ මුවගට ගෙන ඒමට තරම් ඔබගේ මනස නිසලව පවතින උදෑසන පළමු පැය කීපයට හැකියාවක් ඇත්නම්, ඔබ සිතන්න ඒ මොහොතේ ඔබට ගීතයක් වෙනුවට ඉතා ධනාත්මක වූ, ඔබගේ ජීවිතය වෙනසක් , ඔබව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි ආකාරයේ අදහසක්, ඔවදනක් ඔබගේ මනසට ඇතුළත් කළොත් ඔබගේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනසක් පැය කීපයක් තුල අත් විදිය හැකි වනු ඇත්ද? එවැනි දෙයක් සිදු වුවහොත් එය ඔබගේ යටි සිත තුළ ඉතා තදින් තැම්පත් වීමට පටන් ගනී, එමෙන්ම උදෑසන ඇසෙන ගීත හෝ සංගීත කොටසක් එදින පුරාවට විටින් විට මතකයට එන ආකාරයෙන්ම එය විටින් විට මතකයට ඒමට පටන් ගනී.
එමගින් ඔබ නොදැනුවත්වම ඔබගේ සිතුවිලි තරංග වෙනස් වන අතර ඒ හරහා ඔබගේෙ ක්‍රියාකාරකම් වල වෙනසක්, උද්යෝගිමත් සාර්ථක බවක් ඇති කරයි. එමෙන්ම මෙය මනෝවිද්යාව තුළ සදහන් කරන ලොව සාර්ථක වීමට භාවිතා කල හැකි ප්‍රබල ශක්තිය වන ධනාත්මක සිතුවිලි තරංග හරහා ඔබ අවට ඇති මුදල්, ආදරය, ජනප්රියත්වය, බලය වැනි ධනාත්මක දෑ ඔබ වෙතට ආකර්ෂණය කර ගැනීමේ බලය ( Law of Attraction ) ක්‍රියාත්මක වීමට පටන් ගනී.
ලොව ප්‍රමුඛ මට්ටමේ මනෝවිද්යා උපදේශකයන් පවා තම පාරිභෝගිකයන්ගේ දෛනික සාර්ථකත්වය ඉහළ දැමීමට හා දීර්ඝ කාලීනව මනස ධනාත්මක කිරීමට දවසේ පළමු පැය තුළ සාර්ථකත්වය පිලිබදව සිතුවිලි ඇතුලත් කිරීමේ ක්‍රමය සාර්ථකව භාවිතා කරයි.
එමෙන්ම ලොව සුපිරි සාර්ථකත්වය ලබා ඇති මිනිසුන් සියල්ලම පාහේ මෙම දවසේ පළමු පැය තුළ ධනාත්මක සිතුවිලි සිතට ඇතුළත් කිරීමේ සංකල්පය ප්‍රායෝගිකව භාවිතා කළහ.
උදාහරණ ලෙස බැලුවහොත්, Bill Gates, Mark Zuckerberg, Steve Jobs යන තිදෙනාම උදෑසන අවදි වූ පසු තමා සමගම සාර්ථක විය හැකි ආකාරය පිළිබදව ධනාත්මකව කතා කරන්නට පුරුදු වී සිටියහ. Steve Jobs අද තමාගේ අන්තිම දවස නම් කුමක් කල යුතුද යන්න දිනපතා අවදි වූ පසු කැඩපත ඉදිරියට ගොස් ප්‍රශ්න කරන්නට පුරුදු වී සිටියේය.
එමෙන්ම ඇමරිකානු ජනපති Barack Obama, මිලියනපති Grant Cardone , Robert Kiyosaki, Anthony Robbins, ඇතුලු බොහෝ දෙනෙක් මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කල මිනිසුන් අතර වෙයි.
උදෑසන ඇසුනු ගීතයක් දවස පුරාම මතක සිටින්නා මෙන්ම පළමු දිනයේ සිට ඔබට උදෑසන ඔබගේ සිත තුළ ඇති වූ ධනාත්මක සිතුවිලි හරහා දවසේ ධනාත්මක වෙනසක් අත් විදීමට ඔබට හැකි වනු ඇත. එමෙන්ම මෙය ඔබගේ මනස දීර්ඝ කාලීනව පූර්ණ කාලීන ධනාත්මක තත්වයක් දක්වා දියුණු කරයි.
Important Article 👍
ReplyDelete👍👍
ReplyDeleteGreat 👍
ReplyDeleteBest👌👍❤️❤️
ReplyDelete👍👍
ReplyDeleteBest👌👌👌❤️
ReplyDeletePositive thinking .🎗️
ReplyDeleteVery important 👍
ReplyDelete❤❤
ReplyDeleteGreat 💜️💜️💜️
ReplyDeleteGood job ..👍
ReplyDeleteImportant 🥂💛
ReplyDeleteGreat🎉️
ReplyDeleteBest one
ReplyDelete