ගීතයෙන් උපදින සුරත් සුවය..
පුද්ගලයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන මාධ්‍යක් වශයෙන් කලාව හැදින්විය හැකිය. උසස් මනසකින් යුතු මිනිසාට ලොව සෑම දෙයක් දෙසම උසස් මනසකින් බැලීමට හා ඇසීමට ශක්තිය ඇත. සුන්දර මනසකින් යුතුව ලෝකය දෙස නව මානයකින් බැලීම තුළ කලාකරුවෙකු බිහිවේ. කලාකරුවා යනු ස්වභාවිකත්වයට යම් තරමකට කාල්පනිකත්වය බද්ධ කරන්නෙකි. කලාව වූ කලී ප්‍රතිනිර්මාණය හා බද්ධ වූ ක්‍රියාවලියකි. කලාව යටතට ඔබ මා දන්නා බොහෝ නිර්මාණ ඇතුළත් වන අතර ගීත මාධ්‍ය ඒ අතර ප්‍රමුඛස්ථානයක පවතින බව සමාජය තුළම අවිවාදයෙන් පිළිගැනෙන්නකි. වර්තමාන ගීත සහ අතීත ගීත සසදා බැලූ කළ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. වර්තමාන බොහෝ ගීත අසන්නා වෙත කෙලින්ම අදහස සන්නිවේදනය කරන අතර එහි රසවින්දනයට පරිකල්පනයට රසයක් ඇත්තේ නැති තරම්ය. නමුත් පැරණි ගීතයේ අර්ථය ලබාදෙන්නේ ගීතය රසවිදින විට සිත තුළ මනෝ රූප දහසක් මැවෙන ලෙසයි. අපද ඒ රූප තුළ චරිත බවට මොහොතකට පත්වේ. සුභාවිත ගීතයේ රසය එයයි.
"සුළගේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්....
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...."
ඔබ අප කවුරුත් ඉතා ආසාවෙන් රසවිදින මෙම ගීතය තුළින් පාසල් ප්‍රේමය පිළිබදව කියවෙයි. පාසල් වියේ බොහෝ දෙනා තුළ ප්‍රේමනීය සිතුවිලි හටගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. එනමුදු සාර්ථක වන්නේ ඉතාම අතලොස්සක් පමණකි.මෙම ගීතයද දිව යන්නේ සැබෑ නොවූ පාසල් ප්‍රේමය දෙසටය.
"තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොදුරියෙ ඔබෙ
සුවද මා ළගින්...."
සිංහල විරහ ගීත අතර නොමියෙන ගීතයක් ලෙස මෙම ගීතය රචනා කරන්නේ 1980 දශකයේ මැද භාගයේ බුද්ධදාස ගලප්පත්ති මහතා විසිනි. මෙම ගීතය ඒ මහතාගේම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක් වීම විශේෂයකි. ඔහුගේ අදහසට අනුව මෙය සත්‍ය හා කල්පිතය අතර අත්දැකීම් පෙළකි. පැරණි ගීත අතර මෙවැනි ගීත අසන්නාගේ රසවින්දනයට මෙන්ම රස මනෝභාවයන් උද්දීපනය කිරීමට සමත් අර්ථවත් නිර්මාණයන්ය.
විශාල අර්ථයක් එක් පදයකින් හෝ පද කිහිපයකින් අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සාර්ථක ගීතයක් සතුව පවතී. ගීතය අතිශය සංක්ෂිප්ත, අතිශය සංවේදී මෙන්ම ප්‍රබල කලා මාධ්‍යකි. පියවි සිහියෙන් යුතුව අබෝධයකින් යුතුව ගීතය ඇසුරු කරන්නන් ඇත්තේ අතළොස්සකි. කෙසේවෙතත් පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධ අංග සුසංයෝග වී පරිසමාප්තියට පත් වූ ගීතයක රසවිදීම ආයාසයෙන් නොකළ යුත්තකි.
"රෝස මලට කියනවාද
මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විසි වුණු බව....
පෙති රකින්න නම්
තරහ ගන්නේ කොහොමද
අතු ඉතිත් එක්ක මං....
මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්
කියන්න මං පෙම්කළ බව
රෝස ගහ තරම්...."
ඇතැම් විටක ආදරයක අවසානය මරණයෙන් නිමා වීම තුළ සමාජය තුළ කුතුහලයක් ඇතිකරන්නේ එයට වගකිවයුත්තන් දෙස මිනිසුන් විපරමින් සිටින නිසාවෙනි. මෙහිදී පෙම්වතිය රෝස මලකට ආදේශ කිරීම තුළ සමාජ පසුබිමක්ද කිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ. ගමක දුගී නිවසක පිපෙන මල් හා නගරයේ සුවපහසු මල් වත්තක පිපෙන මල් අතර වෙනසක් ඇත. ඇතැම් දෙමව්පියන් ප්‍රේම සම්බන්ධතා වලට විරුද්ධ වන්නේ ඔවුන්ගේ තරාතිරම ගැන සළකාය. මෙහි පෙම්වතාට ඇත්තේ බෝසත් ගතිගුණය. ඔහු හිතුමනාපෙට තීරණ නොගනී. දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන් හා තරහ වී තීරණ ගැනීම තුළින් යම් දවසක පීඩාවට ලක්වන්නේ ඇය බව ඔහු හොදාකාරවම දනී. දෙමාපිය ආශිර්වාදය නොලද ඔහු ඇයගෙන් මෙන්ම දෙමාපියන්ගෙන් හා ඔහු වටා පිරිසගෙන් සමුගෙන හමාරය.... මහා ඛේදවාචකයක බර කිසිවෙකු මත පටවන්නට කවියා උත්සාහ නොගනී. ගීතය පරිසරය හා සම්බන්ධ කිරීම තුළින් ගීතයේ රසය වඩාත් රසවත් කර ඇත.
"සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ...."
ඔබ මා කවුරුත් අසා ඇති සහ තවමත් ශ්‍රාවක හදවත් තුළ නොමැකී පවතින මෙම ගීතය වික්ටර් රත්නායකගේ සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහයන්ගේ හඩින් ඔපවත් වී ඇත.මෙම ගීතය තුළ රචකයා ජීවිතය හා ආදරය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරයි. ජීවිතය යනු පාවෙන දේදුනු ලැගුම් ගන්නා සදකඩ පහනක් යන්න සහ ආදරය යනු හදිස්සියේ කැලඹී දියෙන් උඩට එන දිය බුබුලක් වැනි යැයි පවසයි. සදකඩ පහන සැමදා අසම්පූර්ණය. එහි නිතරම ඇත්තේ හරි අඩකි හරියට ජීවිතය වැනිය. සදකඩ පහන පාගාගෙන ඇතුල් වන්නෝ එය පාගාගෙනම එළියට පැමිණෙන අතර රැදෙන්නේ නැත. එවැනි සදකඩ පහන අපේ ජීවිතය නම් පාවෙන දේදුනු වැනි කොටසකුත් එහි ඇති බව රචකයා පවසයි. මෙම පද පේළි තුළ ජීවිතය ගැන දිගු විස්තරයක සාරාංශයක් ගැබ්වී පවතී. මෙහි සමුපූර්ණ ගීතය තුළම ජීවිතයෙහි පවතින අනිත්‍ය බව,තාවකාලික සතුටකින් පිරුණු, තනියම ඉපිද තනියම මිය යාමට සිදුවන තැනකි. විවාහය යනු ජීවිතයේ එක්තරා පදනමකි. පෙරුම්පුරාගෙන එන දිවියේ පදනම වන විවාහයට මුලපුරන්නට කලියෙන්ම සහකාරිය නොපෙනෙන ඈතකට රැගෙන ගොස් ඇති බවත් තමා තනිවී ඇති බවත් ආදර සිත මැලවී ඇති බවත් රචකයා පවසයි. සුනිල් එදිරිසිංහගේ දුක්බර කටහඩ ගායනයේ අර්ථයට උපරිම සාධාරණයක් ඉටුකරයි. එමෙන්ම රසවිදින්නාට යම් කුතුහලයක්ද ජනිත කිරීමට මෙම ගීතය සමත් වී ඇත.
ගීතය යනු සාහිත්‍ය යේ අතිරමණීය ප්‍රවර්ගයකි. ගීතය යනු කවියේ යම් සංඝටක උකහාගෙන වැඩුන මිසක ඒ මතින් පරාරෝපණය වූවක් නොවේ.ආචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ අදහස ගීතය යනු සාහිත්‍යාංගයක් නොවන බවය. සුවහසක් පහන් කළ හැකි අපූරු කලා මාධ්‍යක් ලෙස ගීතය හදුනාගත හැකිය. සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ හමුවන ප්‍රබතම කලා මාධ්‍ය ගීතය යැයි මා පැවසුවහොත් සියල්ලන්ම එයට එකග වන බව නොඅනුමානයි. නමුදු එය තීරණය වන්නේ පුද්ගල මනෝභාවයන් මතයි. ශ්‍රවණ රෝග පවා සුව කළ හාකි ඉතා ගැඹුරු අරුතක් ඇති නිර්මාණ ලෙස ගීතය හැදින්වීමට හැකිය. මිනිස් සිතෙහි ඇතිවන සිතුවිලි අරුත්බර වචනයකට පරිවර්තනය වෙමින් සුන්දර තාල රටා යොදාගනිමින් ගොඩනැගුනු ගීතය එදා මෙදා තුර අප සිත් සතන් තුළ ගැඹුරෙහි තැන්පත් වී පවතියි.
Wooow...great work 😍
ReplyDeleteSuper 💕💪
ReplyDeleteNice write... It touched very sensitive things..... ❤😍💖
ReplyDeleteGreat work ❤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👌
ReplyDelete'' I like your articles a lot. An important topic that we need to discuss.''
ReplyDelete** congratulations **
Lassanaiiiii
ReplyDelete