සුවිශේෂී මිනිසකු වන්න..
"සියලු මිනිසුන් අතර අතිමහරු
බුහුමනින් පුද ලන්නේ
සුවිශේෂී මිනිසුන්මය..
කුමක් සිදු වුවද
ඔවුහු වටහා ගැනීමට උත්සාහ දරති..
සිනහව ඔබට අවැසි තැන
ඔවුහු ඔබට සිනහව ගෙන එති
ඔවුහු සවන් දෙති..
වදන් අතර අවකාශ වල පවා
ඔවුහු සවන් දෙති..
ඔවුහු ඔබව රකිති..
ඔබ වෙනුවෙන් යදින බව
ඔබට දැනගන්නට සලස්වති..
සුවිශේෂී මිනිසුන්
නිබදවම කළ යුතු
නිවරදි දේම දනිති..
ඔවුනට ඔබේ මුළු දිනයම නිපදවිය හැකිය
කිසිවෙකුට කළ නොහැකි ලෙස..
කිසිවෙකුට සුසර කළ නොහැකි
රහස් බසකින්
ඔබ සමග අදහස් හුවමාරු කරගනිති..
සුවිශේෂී මිනිසුන්
ඔබට මගපෙන්වති
පුබුදු කරති
සුවය ගෙනෙති..
ඔබ දිවිය
සිනහවෙන් ආලා්කවත් කරති..
සුවිශේෂී මිනිසුන් ඔබව වටහා ගනිති
පෝෂණය කරති
ඔබට අවැසි දේ
ඔවුහු ආදරයෙන් දැනගනිති..
ඔබ ඇතුළාන්තයේ එන හැගුම්
යමෙකුට පැවසිය යුතු විටක..
ඔබට සැගවිය නොහැකි වනු ඇත ඔහු හට
නිබදවම ඔබ එය බෙදාගනු ඇත..
සතුට උතුරවන පුවතකදී
ඔබ වෙත හැරෙන්නේ මුලින්
සුවිශේෂී මිනිසුන්මය..
සියල්ල කනපිට පෙරළී
කදුළු සලන විට ඔබ
නිසැක ලෙස සරණ වෙති ඔවුන්..
සුවිශේෂී මිනිසුන්
ඔබේ දිවියට හිරු එළිය ගෙනෙති
දුරින් හෝ නුදුරින් සිට
ඔබේ ලෝකය උණුසුම් කරති..
සුවිශේෂී මිනිසුන්
සතුට රැගෙන එන ත්‍යාගයක් වෙති
මුදලට ගත නොහැකි අමිල නිධානයක් වෙති.."
..ඔබද තවකෙකුගේ ජීවිතයට ආලෝකය ගෙනෙන සුවිශේෂී මිනිසකු වන්න..

ලස්සන අදහසක්.. වටිනා ඔවදනක්..
ReplyDeleteGood article..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍👍👍👍👍👍
ReplyDeleteGreat
ReplyDeleteSuperb
ReplyDeleteGreat one 👍
ReplyDeleteValuable article 💖
ReplyDeleteGreat 🔥💛
ReplyDelete