Hichki Film (2018)

          
           හිච්කි යනු 2018 වර්ෂයේදී වැඩිම ආදායමක් උපයා ගත් අටවන බොලිවුඩ් චිත්‍රපටය  බවට පත් වූ අතර කාන්තා වීරවරියකගේ නායකත්වයෙන් යුත් මෙතෙක් වැඩිම ආදායමක් උපයා ගත් තෙවැනි චිත්‍රපටිය විය. සිද්ධාර්ත් මල්හෝත්රා විසින් අධ්‍යක්ෂණය කළ අතර ආධිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර ඇත.

                   මෙම චිත්‍රපටයේ රාණි මුකර්ජි ගුරුවරයෙකු ලෙස රගපාන්නේ දඩබ්බර සිසුන්ගෙන් පිරුණු පංති කාමරයකය. නයිනා මාතූර් (මුකර්ජි) සිතන්නේ ඇය ඉගැන්වීමට උපත ලැබුවද ඇයගේ ටියුරෙට් සින්ඩ්‍රෝමය නම් ස්නායු රෝගී තත්වය ඇයට බාධා වන අතර ඇය ස්වේච්චාවෙන්ම ඇයගේ කටහඩ ලබා ගැනීමට වෙහෙස වේ. ඇගේ තත්වය හේතුවෙන් පාසල් කිහිපයකින් ප්‍රතික්ෂේප කරන අතර නයිනාට අවසානයේ රැකියාවක් ලැබෙන්නේ අසළ පිහිටි මුඩුක්කු නිවාස වල සාමාන්‍ය ශිෂ්‍යයින්ට වඩා වෙනස් සිසුන් පිරිසකට ඉගැන්වීමටයි. එම පංති කාමරයෙහි සිටින්නේ මුඩුක්කු නිවාස වල හැදී වැඩෙන ඉතා දඩබ්බර සිසුන් පිරිසක් වන බැවින් පාසලේ අනෙකුත් ශිෂ්‍යයින් හා බොහෝ ගුරුවරුන් ද, පාසල් කළමනාකාරීත්වය ද එම දරුවන් නොසළකා හැර තිබේ. එවන් තත්වයක් යටතේ නයිනා මාතූර් එම සිසු පිරිසගෙන් යුත් පංති කාමරය බාරගන්නේ සියල්ලන්ට අභියෝගයක් වෙමින් ධෛර්යවන්ත කාන්තාවක හා ගුරුවරියක ලෙසිනි.


 

                 නයිනාගේ උත්සාහයන් සියල්ල කඩාකප්පල් කිරීමට හැකි සෑම දෙයක්ම කරනා ප්‍රතිවාදී ගුරුවයයෙකු සිටින අතර ඔහු දක්ෂ සිසුන්ට පමණක් තැන දෙන, මුඩුක්කු නිවාස වල සිසුන් හැකි සෑම අවස්ථාවකදීම පහතට හෙළන පුද්ගලයෙකි. කොතෙකුත් බාධා එල්ල වුවද තම දඩබ්බර සිසු පිරිස පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් බවට හා සැමගේ පිළිගැනීමට ලක් වන දක්ෂ යහපත් සිසු ප්‍රජාවක් කිරීමට මෙම ගුරුතුමිය දරන උත්සාහය සැබවින්ම ආකර්ෂණීය වේ. ශක්තිමත් කාන්තාවක හා ආදර්ශමත් ගුරුවරියක ලෙස ඇයගේ උත්සාහය හා කැපවීම ඉතා විශිෂ්ඨ වේ. ඔබටම මෙම චිත්‍රපටය නරඹා රසවිඳින්නට මෙතැන් සිට මා ඉඩ තබමි....

                        







             

                   

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..