සුන්දර දෙනියාය..
1. ගැටබරු පන්සල
දෙනියාය කොටපොල ප්‍රදේශයේ පිහිටි ගැටබරු පන්සල සහ දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට මිනිසුන් අතර මහත් විශ්වාසයක් පවතී. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් පූජා භූමියක් විදියට මෙම භූමිය හැඳින්වෙන අතර දිනපතා බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම පූජා භූමිය වන්දනාමාන කිරීමට පැමිණෙයි. කිලෝමීටර කිහිපයක් දුර කන්දක් තරණය කිරීමටද ඇති අතර මග දෙපස රූස්ස ගස් මුදුන් වල විවිධාකාර සත්ත්ව විශේෂයන්ද දැකිය හැකිය. දෙනියායට එන අතරමගදී ගැටබරු පන්සල හා දේවාලය ද වැඳ පුදා ගැනීමට පුලුවන්.
2. හත්මාලේ ඇල්ල
ඉතාමත් අලංකාර සහ සුවිශේෂ භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නේ දෙනියායේ නගරයේ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මේ දිය ඇල්ලේ තියෙන සුවිශේෂකම තමයි මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නේ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන නිසා තමයි හත්මාලේ ඇල්ල කියලා කියන්නේ. උසින් මීටර 45 ක් සහ පළලින් මීටර 10 ක් වන වන මේ දිය ඇල්ල සංචාරක ආකර්ෂණය බෙහෙවින් දිනාගෙන තිබෙනනවා. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක් හැබැයි නාන්න යන්නේ පරිස්සමින්..
3. ෆැට්නා
දෙනියායේ පල්ලේගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි ෆැට්නා කියන්නේ. ෆැට්නා හි තියෙන්නේ අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පහළට ලිස්සා ඒමට හැකි විදියේ පැතලි විශාල ගලක් පිහිටා ඇති මෙහි ලිස්සා යාම ඉතා විනෝදජනක වේ. දෙනියායේ සංචාරය කරන විට ඔබ නැරඹිය යුතු වෙනස් විදියේ සුන්දර තැනක්.. ඉතා සුන්දර පිරිසිදු ජල දහරාවක් ඇති මෙහි සංචාරක ආකර්ෂණය වැඩි වීම තුළ පරිසරයට සිදුවී ඇති හානියද ඉමහත්ය. අප රටේ සුන්දරත්වය ලෝකයටම කියාපාන මෙවැනි සුන්දර ස්ථාන ආරක්ෂා කිරීමට කාරුණික වීම ඔබ අප සැමගේ යුතුකමක් වේ.
4. සිංහරාජය
ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියක් වන සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රෙව්ශ දොරටුවක් දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. සිංහරාජය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය දිය ඇළි විශාල ප්‍රමාණයක්, වන සතුන්, විවිධ ශාක වර්ග විශාල ප්‍රමාණයක් තමන්ගේ තුරුලේ හංගාගෙන ඉන්නා සොබාදහමේ හරි අපූරු නිර්මාණයක්. ඉතා සෙමින් සංචරණය කරන ගොලුබෙල්ලාගේ සිට ප්රතාපවත් දිවියා දක්වා වූ විශාල පරාසයක් තුළ ව්‍යාප්තව පවත්නා සත්ව විශේෂ රැසකට සිංහරාජ වනාන්තරය වාසස්ථාන සපයනවා. එක් දිනක් තුළ නරඹා හමාර කළ නොහැකි වන මෙහි නවාතැන් ගැනීමටද සංචාරකයින්ට පහසුකම් සලසා තිබේ. අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛව ගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කොට ඇත.
5. මෝනින් සයිඩ්
සිංහරාජයට ප්‍රවේශ වන අති සුවිශේෂ භූමිභාගයක පිහිටි මෝනින් සයිඩ් නම් අතිශයින් මනරම් පරිසර පද්ධතිය ගැන කතා බහ කරන්නටය. හිමිදිරියේ තිබෙන දේශගුණය හරිම සෞම්‍ය විදිහට දවස පුරාම උදේ කාලයට සමාන දේශගුණයක් තිබෙන තැනක් තමයි හිමිදිරි පෙදෙස නැත්නම් මෝනින් සයිඩ්. අන්වර්ථ නාමයක් විදිහට පුංචි හෝර්ටන් තැන්න කියලත් සමහරු කියනවා. අතීතයේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් තේ වගාවට යොදාගත් අතර, පසුව එනසාල් වගා කර අද වන විට එයද අතහැර දැමීම නිසා ද්විතීයික වනාන්තර ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. ලංකාවේ කිසිම වනාන්තරයක දැකිය නොහැකි සත්ව හා ශාක විශේෂ කිහිපයක්ම මෙහිදී දැකගැනීමට ලැබීම හිමිදිරි පෙදෙසේ විශේෂත්වයයි. හිමිදිරි පෙදෙස නැරඹීමට පැමිණෙන අයට උභය ජීවීන් වර්ග රාශියක් හා ශාක විවිධත්වය ගැන බලන විට වනරාජ, ඉරුරාජ, කුඩා හැඩයා, මහා හැඩයා, නිල් බිනර ආදී ඖෂධ ශාක ලංකාවේ සුලබවම හමුවෙන පෙදෙස ලෙස මේ ප්‍රදේශය වාර්තාගතව ඇත. ඔයාලටත් මේ සුන්දරත්වය විඳගන්න හිමිදිරි පෙදෙසට ඇවිත් බලන්න..
මාතර සිට අකුරැස්සට ඇවිත් අකුරැස්සෙන් දෙනියාය පාරේ නගර කිහිපයක් පසුකරගෙන එනකොට දෙනියාය නගරය මුණගැහෙනවා.. දෙනියායට එන අතරමගදී වගේම දෙනියායේදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියේ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. මග දෙපස තේ කර්මාන්තශාලාද බොහොමයක් හමුවෙනවා.. ඒ වගේම රසම රස තේ පානයක් රසවිඳින්නත් අමතක කරන්න එපා.. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකය පුරාම විහිදුවන මෙවැනි සුන්දර ප්‍රදේශයන් රැක ගැනීම ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමගේ යුතුකමක් සහ වගකීමක්ද වේ..







Great article 🔥
ReplyDelete👌👌👌
ReplyDeleteWow.......❤ interesting
ReplyDeleteLove your articles
ReplyDeleteGreat work dear...keep it up 💖
ReplyDeleteAmazing dear 😍❤️
ReplyDeleteGodak lassana article ekak.. superb 👍
ReplyDelete👍👍
ReplyDeleteGreat work dear..
ReplyDeleteInteresting article.. well done... kee it up..
ReplyDelete💗✌️
ReplyDeleteLassanai 👍😍
ReplyDeleteLassana deniyaya.. Great article 👍
ReplyDelete🤜🤜🤜🤜
ReplyDeletenice
ReplyDeleteNice Write... Keep it up..
ReplyDeleteThank u ❤️
Delete