මතුවෙමින් පවතින සෞඛ්‍ය තර්ජන පිටුදැකීමට භාවනාව යොදා ගත හැකිද?
ශ්‍රී ලංකාව මතුවෙමින් පවත්නා සෞඛ්‍ය ගැටලු කිහිපයකටම මුහුණ පා සිටියි. මෙම තත්වය ආසාදනමය වසංගත රෝග, බෝ නොවන රෝග වැඩි වැඩියෙන් පැතිරීම සහ අනතුරු ඇතිවීම් ඉහළ යාම ආදී වසංගත ගණනාවක පරාසය තුළ විහිදී ඇත.
මෙම මතුවෙමින් පවත්නා ගැටලු සංසිදවීම උදෙසා කටයුතු කිරීමේදී භාවනාව සතුව යම් කාර්යභාරයක් පවතින්නේද? බහුල වශයෙන් භාවනාවේ යෙදීම ප්‍රචලිතව පවත්නා රටක් ලෙස ගත් කල මෙම කාරණය පිළිබදව විමසා බැලීමේ මහත් වැදගත්කමක් පවතියි. භාවනාවෙහි යෙදීමේ මූලික අරමුණ යම් ආගමික හා අධ්‍යාත්මික ඉලක්ක සපුරා ගැනීම වුවත්, එයට අමතරව සෞඛ්‍ය සම්පන්නභාවය නංවාලීම වැනි වෙනත් ලෞකික ඵල ප්‍රයෝජන එතුළීන් අත්පත් කර ගත හැකිද යන්න සොයා බැලීමට විද්‍යාඥයන් උනන්දු වීම ප්රයෝජනවත්ය. මෙහිලා පාඨක උනන්දුව ඇතිකරවන අංශ කිහිපයක් පිළිබද විමසීම සිදුකිරීම මෙම ලිපියෙහි අපේක්ෂාවයි. එහිදී පළමුව පර්යේෂණ පිළිබද සහ ඉන්පසුව යොදාගැනීමේ විභවයක් පවත්නා කොටස් සමහරක් පිළිබදවද සාකච්ඡාවට ලක් කිරීමට බලාපොරොත්තු වේ.
භාවනාව පිළිබද පර්යේෂණ..
පසුගිය දශක කිහිපය තුළ දී ජෛව විද්‍යා සහ මානව සෞඛ්‍යය යන විෂය ක්ෂේත්‍ර ඉතා ශීඝ්‍ර විද්‍යාත්මක දියුණුවක් සිදුවන අයුරු ලෝකය හමුවේ විද්‍යාමාන විය. මෙම දියුණුව තුළට සම්පූර්ණ ඉතා දියුණු අනාවරණයන්, සංවර්ධනයන් ඇතුළත්ය. සාපේක්ෂව ගත් කළ එතරම් සීඝ්‍ර සංවර්ධනයක් නොලද ක්ෂේත්රයක් ලෙස සිත හැදින්වීමට පුලුවන. සිත පිළිබදව විග්රහ කළ ප්‍රථම විද්‍යාඥයා ලෙස බුදුරජාණන් වහන්සේ ගෞරවය ලබති. මානව ක්‍රියාකාරකම්හි පෙරගමන්කරුවා ලෙස සිතෙහි කාර්යභාරය උන්වහන්සේ විසින් දක්වනු ලැබූහ. එනමුත් බටහිර සහ නූතන විද්‍යාව ඒ පිළිබදව දැක්වූයේ උදාසීන බවකි. ආගම් කිහිපහකම ප්‍රධාන අංගයක් ලෙස භාවනාව පැවතියද 1960 දශකය වනතුරු විද්‍යාත්මක ප්‍රජාව විසින් එය නොසලක් හරිනු ලැබුවා පමණක් නොව ඒ වනතුරු භාවනාව පිළිබද සොයාබැලීමකට හෝ නොගියේය. සවිස්තරාත්මක ලෙස පැහැදිලි කළ මුල්ම භාවනාමය අධ්‍යයන ඇරඹුනේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙහිය. ඒ ගුරු මහාරිෂි මහේෂ් යෝගිතුමා විසින් ප්‍රවර්ධනය කළ හිමාල පෙදෙසින් බිහිවූ අනනුභූතික භාවනාව ලෙස හැදින්වූ භාවනා ක්‍රමය පිළිබදවය. එයින් පසුව ටිබෙට් ක්රමයේ භාවනාව අතිපූජ්‍ය දලයිලාමා තුමාගේ නායකත්වයෙන් පැවති ලෝකය පුරා පිහිටි රසායනාගාර තුළ ඉතා පුලුල් ලෙස පරීක්ෂණයට ලක්කෙරින. මෙම රටවල පැවති භාවනා ක්‍රම ශ්‍රී ලංකාවේ පවතින භාවනා ක්‍රමයට වඩා ටිබෙට් භාවනාවේදී දෘෂ්ටි සතියෙන් භාවනා කරන අයගේ අවධානය කේන්ද්‍රගත කිරීමට භාවිතා කරන අතර අනනුභූතික භාවනාවේදී භාවිතා කරන්නා විසින් මන්ත්‍රයක් මැතිරීම වැනි දෙයක් දිගින් දිගටම සිදුකරයි.
මෑතක සිට තායිලන්තය, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සිහිකල්පනා ඇතිව යෙදෙන සතිමත් භාවනාවේ සෞඛ්‍යමය බලපෑම් විමසා බැලීමට පියවර ගත්හ.
විද්‍යාඥයෝ භාවනා කිරීම නිර්වචනය කරනුයේ එහි යෙදෙන්නන්ගේ අද්විතීය මානසික තත්වයක් ලෙසය. මහාචාර්ය කාමල් සිං. එය විස්තර කරනුයේ මෙම මොහොතෙහි යම් දෙයකට අවධානය යොමු කිරීම සහ එවිට මොහොතින් මොහොත ලැබෙන අත්දැකීම් වෙත ඇතිවන අවබෝධය යනුවෙනි. සතිමත් භාවනාවේ යෙදෙන්නා හට තමන්ගේ වර්තමාන අභ්‍යන්තර සහ බාහිර අත්දැකීම් ගැන දැනුවත් විය හැක. එසේම ඒවා මැනවින් නිරීක්ෂණය කර පිළිගත හැකිවනු ඇත. මෑතකදී ඇමෙරිකාවේ මහාචාර්ය කමල් සිං ආතතිය මැඩ පැවැත්වීම සදහා සතිමත් භාවනාව භාවිත කළ හැකි යැයි පැවසීය.
ලැබිය හැකි සෞඛ්‍යමය ප්රතිලාභ..
විවිධ භාවනා ක්‍රම තුළින් භෞතවේදීය ක්‍රියාකාරකම් ගණනාවක් කෙරෙහි බලපෑමක් කළ හැකි බව පෙන්වන අධ්‍යන ගණනාවකි. මුල්ම අධ්‍යන තුළින් භාවනාව රුධිර පීඩාව අඩු කරන බව පෙන්වා ඇත. භාවනා කිරීමේ පළපුරුද්ද ඇති අය හට හෘද ගැස්ම වේගය හා ශ්වසන වේගය පවා භාවනාවේ යෙදෙන අවස්ථාවේදී පාලනය කර ගැනීමට පුලුවන. එහි ප්‍රතිඵලයක් ලෙස ආතතිය ආශ්රිත හා ඒ සම්බන්ධ රෝග තත්වයන් භාවනාවේ යෙදෙන අයෙකු හට ඇති වුවහොත් ඒවා හොදින් පාලනය කිරීමට හැකි වෙයි. මෙම තත්වයන් අතරට අසහනකාරී සහ වේදනාකාරී තත්වයන්ට මුහුණ දී ඇති පුද්ගලයන්ට එම තත්වයන්ට පහසුවෙන් මුහුණදීමේ හැකියාව හිමිකිරීමද මෙයට ඇතුළත්ය. මාරාන්තික පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ වදවේදනා යම් දුරකට සමනය කිරීමට ද භාවනාව සමත් වෙයි.
මානසික ප්රතිලාභ..
ඵලදායක බලපෑම් රාශියක් ඇතිකිරීම සදහා භාවනාව සමත් බව ඉහළින්ම පිළිගැනෙයි. භාවනාවේ යෙදෙන සිසුන්ට විභාග වලදී වඩා උසස් ප්‍රතිඵල දැක්වීමද ඇතුළත්ය. ඔවුන් තුළ මතක තබාගැනීමේ හැකියාව ඉහළ යාමට භාවනාව හේතුවන අතරම මතක තබාගත් දේ යළි කැදවීමේ හැකියාවද ඉහළ යයි. එසේම මෙම සිසුන්ට විභාග ආතතියට හොදින් මුහුණ දීමේ හැකියාවද පවතී. මෑතකදී සිදුකළ අධ්‍යනයකට අනුව භාවනා කිරීම තුළින් ස්මරණය සහ බුද්ධියද ඉහළ නංවාගත හැකිවන බවට තොරතුරු හෙළිදරව් වී ඇත. භාවනාවේ නොයෙදෙන අයගේ මොළයේ පිහිටි අවධානය, අන්තරාවලෝකනය සහ සංවේද සකසන කලාපයන්හි ඝනකමට වඩා වැඩි ඝනකම් බවත් පැවතීමද දැකිය හැකිය.
ප්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි බලපෑම් පරාසයක් ඇතිකිරීමේ හැකියාව භාවනාව සතු බව පළ කරන අධ්‍යයන ගණනාවකි. බාහිර ප්‍රතිදේහජනකයන් පවතින විටදී ශරීරය දක්වන ප්‍රතික්‍රියා යටපත් කිරීමටද භාවනාවට පුලුවන. භාවනා කිරීම තුළින් ප්රදාහමය තත්වයන් නිසා ඇතිවන රෝග තත්වයන්ට භාවනාවේ යෙදීම තුළින් සහනය සැලසිය හැකි බව පර්යේෂණ පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව තුළ භාවනා කිරීම සුලබව දැකිය හැකි වුවද, ඉන් ලද හැකි වාසිදායක තත්වයන් පිළිබද මෙරට විද්‍යාත්මක ප්‍රජාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැත. මෙම ක්ෂේත්රය පිළිබද තව තවත් පර්යේෂණ පැවැත්වීම අවශ්‍යය. සිත නිවන ගත සනසන භාවනාව තව තවත් ජීවිත වලට පුරුදු පුහුණු කිරීම වැදගත් වේ.

👍👍👍👍
ReplyDelete👌👌👌👌❤️❤️
ReplyDeleteBest🖤
ReplyDeleteImportant article
ReplyDeleteImportant article
ReplyDeleteBest 🤟👍
ReplyDeleteWell done....💖
ReplyDeleteImportant 😍👍
ReplyDelete👌👌👌
ReplyDelete💪💪
ReplyDeleteBest
ReplyDelete👍👍
ReplyDelete👍👉👍
ReplyDelete👍👍👍👍💜️
ReplyDeleteyes, you are correct Meditation is very valuable
ReplyDelete**congratulation**
Good effort & good article
ReplyDelete