මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..
මුහුණුපොත යනු ඔබට ආගන්තුක ස්ථානයක් නොවේ. වත්මන් සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටි පරම්පරාව දක්වා මුහුණු පොත තුළ සැරිසරමින් කාලය ගත කිරීම දැකිය හැක. ජීවිතයේ සතුට, දුක, ආදරය, අනුකම්පාව වැනි මිනිස් සිතුම් පැතුම් බෙදාහදා ගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත ලෙස සමාජය තුළ අවිවාදයෙන් පිළිගැනෙන්නකි. මිනිසා තුළ උපතේ සිටම පවතින දැඩි සමාජශීලී ස්වභාවය තුළ නිරන්තරයෙන් අන් අය හා සම්බන්ධතා දැක්වීමට යොමු වන අතර සන්නිවේදනයේ දියුණුවත් සමගම මෙම සම්බන්ධතා විශ්වයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබේ. එම සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ ක්‍රමවේදයන් අතර Facebook සමාජ ජාලයට මූලිකස්ථානය හිමිවේ. හතළිස් පස් වසරක අන්තර්ජාල ඉතිහාසය තුළ බිහිවූ සමාජයට බොහෝ බලපෑම් කළ සමාජ ජාලයක් වන මෙහි අද වන විට බිලියන ගණනක සාමාජිකයින් පිරිසක එකතුවෙන් අද වන විට ලොව ප්‍රකට සමාජ ජාලය ලෙස නම් දරා ඇත.
වර්ෂ 2004 පෙබරවාරි 04 දින හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි Mark Zuckerberg ගේ මූලිකත්වයෙන් මෙම සමාජ ජාලය නිර්මාණය විය. මෙය ඔහු නිර්මාණය කළේ පුද්ගලික සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මෙවලමක් වශයෙන් මෙන්ම හුදු විනෝදාස්වාදය සදහාය. ලෝකය තත්පර ගණනක් ඇතුළත එක හුයකින් බැද තබන්නට හැකි බව ආතර්.සී.ක්ලාක් වැන්නන් ප්‍රකාශ කර තිබේ. 1984 දී උපන් Mark Zuckerberg අති දක්ෂ පරිගණක විද්‍යාඥයෙකි. ලොව වැඩිම බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු ලෙසද මොහුව දක්වා ඇත.
මෙහි කැපීපෙනෙන විශේෂතා වන්නේ Facebook යනු එක තැන පල් වෙන සමාජ ජාලයක් නොවන අතර මොහොතින් මොහොත විශේෂාංග එක්කරන අලුත් වන මාධ්‍යකි. ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට Facebook සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකි වී තිබේ. එකිනෙකා අතර මිත්‍රත්වය,ආදරය,අලෙවිකරණය,විනෝදය බෙදාහදා ගැනීමේ ප්‍රබලම සන්නිවේදන මාධ්‍යක් වන නිසාම එකිනෙකා අතර සයිබර් අවකාශයේ දන්නා නොදන්නා ඕනෑම කෙනෙකු සමග සංවාදයේ යෙදීමට සම්බන්ධතා පවත්වා ගෙන යාමට හැකිය. ලොව පුරා තොරතුරු බෙදාහරින මෙවලමක් බැවින් කාව්‍ය සංකල්පනා මුදාහැරීමටත් කවීන්ට අවකාශය හිමිවේ. ඒ තුළින් බොහෝ විචාරකයන්ද බිහිවේ. එමෙන්ම අධ්‍යාපනය සදහා ඉවහල් වන බොහෝ තොරතුරු ගවේශණය කළ හැකිය. ඒ සදහාම විවිධ පුද්ගලයින් විසින් සැකසූ විශාල පිටු ප්‍රමාණයක් Facebook සමාජ මාධ්‍ය තුළ දැකගත හැකිය. එපමණක් නොව දේශපාලකයින්ට තම ප්‍රචාරණ කටයුතු අඩු පිරිවැයකින් කරගෙන යාමට අවකාශය මේ හරහා ලැබී ඇති අතර ග්රාහකයා වෙත පහසුවෙන් තොරතුරු සන්නිවේදනය කළ හැකිය. ග්රී ලංකාවේ අද දේශපාලන රාමුව ගත හොත් දේශපාලන කතිකාව Facebook ඔස්සේ ගොඩනැගී ක්‍රියාත්මක වන බවක් දැකිය හැක. ව්‍යාපාරිකයින්ට තම වෙළද ප්‍රචාරණ කටයුතු පවත්වාගෙන යාමට මෙම සමාජ මාධ්‍ය බෙහෙවින් උපකාරී වේ.
Great work sweet heart.... Keep it up... ❤
ReplyDeleteGood job nipu❤
ReplyDeleteWell done. 🤞
ReplyDeleteSuper nipuni ❤️💪
ReplyDeletekeep it up 💕
ReplyDeleteWell done nipuuu 🤗😍
ReplyDelete*** Nice Article ***
ReplyDelete** congratulations!! **
good idea : A timely topic
ReplyDeleteImportant topic.
ReplyDelete