ඉගෙනුම් මෙවලමක් ලෙස ජනමාධ්‍ය

අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා එහි ස්වභාවය පදනම් කොටගෙන යුනෙස්කෝව විසින් වර්ගීකරණය කර ඇත්තේ විධිමත්, අවිධිමත් හා නොවිධිමත් යනුවෙන් තුන් වැදෑරුම් වශයෙනි. එසේම අධ්‍යාපනය පුද්ගලයෙකු තුළ සිදුකරන බලපැම හෙවත් ජීවිත වෙනස ද තුන් ආකාරයකට බෙදා දැක්වීමට අධ්‍යාපන විද්‍යාඥයින් උනන්දු වී තිබේ. ඒ ප්‍ර ජානනය, ආවේදනික හා මනෝචාලක වශයෙනි. එහිදී බුද්ධිමය සංවර්ධනයත්, හදවත දියුණු කිරීමත්, ක්‍රි යාකාරිත්වය දියුණු කිරීමත් අධ්‍යාපනයේ කාර්යයන් සේ සරලව හ ඳු නාගත හැකිය. ඉගෙනුම් මෙවලමක් ලෙස ජනමාධ්‍ය යොදාගැනීමේදී ඉහත සියලුම කරුණු පිළිබ ඳ අවධානයක් තිබිය යුතුය. ජනමාධ්‍ය සළකන්නේ අවිධිමත් අධ්‍යාපන මාධ්‍යක් ලෙසිනි. අවිධිමත් අධ්‍යාපන මෙවලමක් වශයෙන් ජනමාධ්‍යට පුද්ගලයෙකු තුළ ප්‍ර ජානන, ආවේදනික මෙන්ම මනෝචාලක අංශයන්හි සංවර්ධනයට අවිධිමත් විශාල බලපෑමක් සිදුකළ හැකිය. එනම් පුද්ගලයෙකුගේ දින චර්යාවෙන් සැලකිය යුතු කාලයක් ජනමාධ්‍ය ඇසුරු කිරීම සදහා ගතවන බැවිනි. පුවත්පත කියවීම ගුවන්විදුලියට සවන්දීම සහ රූපවාහිනිය නැරඹීම යන කාර්යයන්ගෙන් කීපයකට හෝ සියල්ලන්ට දෛනිකව මිනිසා...