නිර්මාණාත්මක සන්නිවේදනය හා ජනශ්‍රැති අධ්‍යනය..
ගුවන් විදුලිය, වේදිකාව, සිනමා තාක්ෂණය, රූපවාහිනී තාක්ෂණය වැනි නූතන කාර්මික දියුණුව නිසා නිර්මාණාත්මක සන්නිවේදනය මහත් විපර්යාසයකට භාජනය වී තිබේ. එහෙත් නිර්මාණාත්මක සන්නිවේදනයේ ඇරඹුම ඈත ඉතිහාසය දක්වා දිව යයි. එම කාලය පුරා නිර්මාණාත්මන සන්නිවේදනය වැඩී ඇත්තේ ජනතාව මාධ්‍ය කොට ගනිමිනි. පුරාණෝක්ති, ජන ගායනා, ජන ඇදහිලි, ජන කවි, යාතු කර්ම, ජන රංගකලා, ජන කතා කලාව මෙන්ම ජන ආගම් ඇතුලු සියල්ල තුළ අපට හමුවන්නේ ආදිතමයෝ තම අදහස් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා දැරූ වෑයමයි.
නිර්මාණාත්මක සන්නිවේදන සන්දේශවල අන්තර්ගතය සමාජීය ප්‍රතිනිර්මාණයකි. ඇතැම් නිර්මාණාත්මක සන්දේශ අන්තර්ගතය තුළ නිරූපණය වන්නේ සතුන් විය හැකිය. එහෙත් ඒ සත්ව චරිත තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ ජන සමාජයමය. පුරාණෝකිතිවල එන දේවකතා, අත්භූත කතා, විමර්ශනයට ලක් කළද ඒවා තුළින්ද පැරණි සමාජය විනිවිද දැකිය හැකිය. සමාජයේම ප්‍රතිබිම්බයන් වූ පැරණි ජනශ්‍රැති අධ්‍යනය පැරණි සමාජය හැදෑරීමේ ඉතා ප්‍රබල සාධකයක් වේ.
පුරාණෝක්ති
සෑම සමාජයක් තුළම ඒ සමාජයේ ඉතිහාසය සහ ගොඩනැගුණු පුරාණෝක්ති දක්නට ලැබේ. සමාජීය ඉතිහාසය ද, ආගමික ඉතිහාසය ද මෙවැනි පුරාණෝක්ති වලින් ගහණය.
ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ අපට අසන්නට ලැබෙන විජය කුවේණි, පුවත සිංහබාහු පිළිබද පුරාවෘත්තය, රාමායනය, අන්දරේ පිළිබද පුරාවෘත්තය ශ්‍රී ලංකීය ඉතිහාසය පිළිබද වැදගත් මූලයන්ය. බෞද්ධ සාහිත්‍ය යේ එන ජාතක කතාද බයිබල් ඉතිහාසයේ එන ආදම් සහ ඒව පිළිබඳ කතාවද පුරාවෘත්තයන්ය. කායින් සහ ආබෙල් පුරාවෘත්තය මෝසේස් පිළිබද පුරාවෘත්තය ඇතුලු බයිබල් පුරාණෝක්ති රැසකි.
ආගමික සාහිත්‍ය සහ ජන ඉතිහාසය පුරාවට ඇති මේ පුරාණෝක්ති ජනමාධ්‍ය බිහි වීමට පෙර බහුල වශයෙන්ම මුඛ පරම්පරාගතව පවත්වාගෙන ඇති සාහිත්‍යාංගයන්ය. එක් අතකින් ඒවා සත්‍ය ඉතිහාසය ගවේශනයේදී මූලික සාධක බවට පත්වේ. නිර්මාණාත්මක සන්නිවේදනයේදී පැරණි කතා කලාව පිළිබද අපූර්ව ආකෘතීන් මේ තුළින් හඳුනාගත හැකිය. ඒවා අභාව්‍ය අත්භූත සිද්ධීන් වලින් ගහණ බව බැලූ බැල්මට පෙනේ. දෙවිවරු, භූතයින් සහ තිරිසනුන් වටා ගෙතුණු මානව ගැටුම් ඒවා තුල අන්තර්ගත වේ. ඒ නිසාම ඇතැමුන් මේවා මිත්‍යාවන් ලෙස බැහැර කළද ඒ තුළ ඉස්මතු වන මානව ධර්මතා කිසිවෙකුටත් බැහැර කළ නොහැක්කේය.
අපේ රටේ පමණක් නොව ලොව බොහෝ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය තුළ නූතන සාහිත්‍යයන් උදෙසා ද මෙම පුරාණෝක්ති පදනම් වී ඇති ආකාරය විමසිල්ලට ලක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ සුවිශේෂි නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු නාට්‍යය එවැන්නකි. එහි සිංහයෙකු සහ ගැහැණියක දීග කතා පුවත නූතන විද්‍යාව තුළ අසත්‍යකි. එහෙත් එම කතා පුවත තුළද ඉස්මතු කෙරෙන පිය පුතු ගැටුම සර්වකාලීන මානව ලක්ෂණයකි. එම නිසා පැරණි සමාජය පිළිබදව ද ජීවිතය පිළිබදව ද අතීතයේ සිටම උකහාගත් දැනුම් සම්භාරය හැදෑරීමට පුරාණෝක්ති බැහැර කළ නොහැක්කකි.
ජන ගායනා
ජන ගායනා පැරණි ජන සමාජයේ හෘද ස්පන්දනය හදුනාගත හැකි නිර්මාණාත්මක සන්නිවේදන මූලයකි. පැරැන්නෝ තම විවේකය ලබා ගැනීමටත් භාවයන් හා හැගීම් පිට කිරීමටත් ජන ගායනා නිර්මාණය කර ගත්හ. යොදා ගත්හ. ආදි මිනිසා තමන් විදින හෘද්‍යාංගම අත්විදීම් මෙසේ ගායනා ලෙස ප්‍රතිනිර්මාණය කළහ. ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව ඕනෑම රටක තමන්ට ආවේණික වූ ජන ගායනා හදුනා ගත හැකි වෙයි. මුඛ පරම්පරාගත සාහිත්‍යයක් ලෙස පැවැත ආ ජන ගායනාවල සංගීතාත්මක ස්වභාවය විශේෂත්වයක් ගනියි. ඒ ඒ වෘත්තීන්හි මෙන්ම ජන ජීවිත අවස්ථාවන්හි මතු වූ භාවයන් ඉස්මතු කිරීමට ගොඩ නගා ගත් අලංකාර රිද්මයන් හා ජන ගායනා අතර විවිධත්වයක් දක්නට ලැබේ. මෙකී සංගීතයන් හා රිද්ම රටාවන් වත්මන් පරපුරේ ඇතැම් ගායකයන් තම ගීත නිර්මාණ තුළ අලංකාරවත්ව යොදා ඇති අවස්ථාවන් දැකගත හැකිය.
ජන ඇදහිලි
පුරාණ සමාජය මහා ගස් ගල් දේවත්වයෙන් දුටූහ. ඒ නිසා ඒවා අදහන්නට පටන් ගත්හ. ආගමික මූලයන්ගෙන් මතු වූ දේවතාවන්ට අමතරව තව තවත් දෙවිවරු දේවතාවියන් සමාජය තුළම නිර්මාණය වී තිබේ. ඔවුනට පුද පූජා පැවැත්වීම අද දක්වාත්මත් අඛණ්ඩව පැවත එයි. තම ජීවිතයේ සංසිද්ධියක් හා ගෙතුණු එවැනි ඇදහිලි ශ්‍රී ලාංකික සමාජය තුළ පමණක් නොව තවත් බොහෝ සමාජවල බහුලය.
ශ්‍රී ලාංකික සමාජය එක් එක් භූමි කලාපවල ඇදහිල්ලට ලක් වන විශේෂ දෙවිවරු පිළිබඳ අසන්නට හැකිය. අයියනායක දෙවියෝ, කඩවර දෙවියෝ එවැනි දෙවිවරුන්ය. අනුරාධපුරයේ කලා වැව ඇසුරෙන් ගොඩනැගුණු පුරාවෘත්තයන් රැසක් කඩවරගේ උපත පිළිබඳ විවිධ මූලයන් සපයයි. කලා වැව රැක ගැනීම උදෙසා කල මහා කැපකිරීම් මීට පාදක වී තිබේ. වයඹ පළාතේ වන්නි හත්පත්තුවේ ඇදහිලි වලට ලක්වන අයියනායක දෙවියන්ද ජනතාවගේ වන්දනාමානයට ලක් වෙයි. මේ සියලු දෙවි වරුන් බිහි වීම පිලිබද ඓතිහාසික මූලයන් රැසක් අසන්නට ලැබේ. ඒවායේ සත්‍ය අසත්‍යතාවය තීන්දු කිරීම දුෂ්කර වන්නේ ඒ පිළිබඳ ඇති පුරාවෘත්තවල විෂමතාවය නිසාවෙනි. මෙවැනි ජන ඇදහිලි පාදක කොට ගනිමින් විවිධ නිර්නිමාණාත්මක සන්නිවේදන නිර්මාණයන් සිදු කිරීම හා ඒවාට ඉහළ වටිනාකමක්ද ලැබෙන්නේ පැරණි ජන සමාජ පැතිකඩයන් විවරණය කෙරෙන නිසාවෙනි.
ජන කවි
ජන කවිය පැරණි ගැමි සමාජවල ජනතාවගේ මනෝභාවයන් මුදාහල ආත්ම ප්‍රකාශනයන්ය. ඒවා මුඛ පරම්පරාගතව ඉදිරියට පැමිණ තිබේ. ජනමාධ්‍යයන් නොතිබූ එකළ තම වින්දනය ලබා ගැනීමටත්, උපයාගත් ජීවිත අත්දැකීම් අන් අයට පැවසීමටත් පැරණි ගැමියෝ ජනකවිය යොදා ගත්හ. ජන කවි හැදෑරීම තුළින් පැරණි ජනතාවගේ ජීවිතය හා ඔවුන්ගේ දුක් දොම්නස් ඔවුනගේ සමාජ ආර්ථික රටාව, සංස්කෘතිය හා ඔවුන් වෙසෙන පරිසරය පහා ජීවිතය පිලිබද ඔවුන් තුළ තිබූ ජීවිතාවබෝධය ද උපේක්ෂා සහගත බවද අකම්පිත බවද ඇතැම් ජනකවි වල මොනවට පැහැදිලි වෙයි.
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ
කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනූ
තමන්ගේ තරම දැනගෙන වැඩ කරනූ
කෙල්ලෝ කුඩා කළ සෙලලම් බත් පිසිතී
කොල්ලෝ වැල්ලේ හිඳ බොරු වළවල් කපතී
ගුල්ලෝ ලී අරටු විදිනට තැත් කරතී
බල්ලෝ හෙඳ් හෙවනැල්ලට උඩ බුරතී
ඉහත කවි දෙකම විමසන විට ව්‍යාංගාර්ථ දනවමින් නිර්මාණාත්මක ලෙසත් ප්‍රබල ලෙසත් තම අදහස් ඉස්මතු කරන්නට කවියා තුළ ඇති හැකියාව ඔප්පු කරයි.
තම වෘත්තීය ජීවිතයේ අපමණ දුක් දොම්නස් හා භාවයන් කවිය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී ඇති ආකාරය පහත ජන කවීන් නිදසුන් සපයයි.
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
මක්කලි බතට ගොන් බානත් බැඳ එනවා
දත් කැකුළට නාරම්මල ලත වෙනවා
ජන කවිය උසස් සාහිත්‍යයක් ලෙස ඇගයුමට ලක් වූයේ මෑතක සිටය. ජන කවිය සෙසු ජනශ්‍රැති මෙන්ම අතිශ්‍ය ඉහළ සමාජ විද්‍යාත්මක වැදගත්කමක් දරයි. ජීවිතය ගැන ඇති අවබෝධය නූතන නිර්මාණකරුවන්ට අතිවිශාල පරිචියක් ලබා දෙයි. භාෂාව හැසිරවීම සහ ව්‍යංගාර්ථ දැනවීම අතින් ජනකවිය ඉතා පොහොසත් සාහිත්‍යාංගයකි. ඒ නිසාම නූතන නිර්මාණකරුවෝ තම නිර්මාණ කාර්‍යන් පෝෂණය කර ගැනීමට ජන කවිය යොදා ගනී. ඒවා ඇසුරු කරගෙන නව නිර්මාණ බිහි කරති.
ජන රංග කලාව
ශ්‍රී ලාංකාව් ගැමි ජන රංග කලාවේ මූලයන් ද බොහෝ විට ආගමික පුද පූජා වත් පිළිවෙත් හා බැදී තිබේ. නූතන නිර්මාණකරුවෝ තම රංග කලා කර්තව්‍යන් සදහා අභ්‍යාස ලැබීමට මෙම ජන රංග කලා ඇසුරු කර ගනියි.
කෝලාම්, සොකරි මෙන්ම දහඅට සන්නියද එමෙන්ම රූකඩ කලාවද ශ්‍රී ලාංකාවේ ගැමිජන රංග කලාවට නිදසුන්ය. සොකරි නාට්‍යය කුඹුරු අස්වනු නෙළීමෙන් අනතුරුව එම කමතේ රග දැක්වීමට ගැමියෝ පුරුදු වී සිටියහ. එමෙන්ම කෝළම් නාට්‍යට අයත් කෝලම් රාශියක් තවමත් අප අතර දැකගත හැකිය. පොලිස් කෝලමල, ආරච්චි කෝලමල, අණබෙර කෝලමල ආදිය නිදසුන් කිහිපයකි.
ශ්‍රී ලාංකාවේ මෙකී රංගකලාවන් පසුකාලීනව නූතන නාට්‍ය නිර්මාණයන් උදෙසා විවිධ ආභාසයන් ලබා දී ඇති අතර විවිධ නිර්මාණයන් මේවා ඇසුරු කර ගනිමින් ගොඩ නැගී ඇත.
ජනකතා කලාව
ජනකතා කලාව විශාල වපසරියක් පුරා පැතිර පවතී. ජනකතා සාහිත්‍ය ලොව සෑම රටකම පාහේ පැතිර ඇති සුවිශේෂී සාහිත්‍යාංගයකි. වෙළඳාම් ආදී හෝ වෙනත් හේතු නිසා විවිධ ජන කොටස් අතර සම්බන්ධතා පැවැත්වූවන් අතින් මෙම කතා රටවල ද පැතිර පවතී. ජන මාධ්‍ය නොතිබූ පුරාණයේ ජන කතා කීම සහ ඇසීම මිනිසුන්ගේ විවේකය ලබා ගැනීමේ මගක් විය. එය පාරම්පරික දැනුම පවරා දීමේ මාධ්‍යක්ද විය. පැරණි ජන සමාජය ආනුභූතික වශයෙන් උපයාගත් ජීවිත දැනුම අත්දැකීම් තුන් කල්හිම වලංගු විශ්ව සාධාරණ බවින් අනූනය. ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටලු, බාධක සහ අභියෝග ජය ගැනීම සදහා අපූරු ඥානයක් ජන සාහිත්‍ය තුළ නිදන්ගතය.
ජනකතා කර්තෘත්වයෙන් තොර සාහිත්‍යයකි. එය පරම්පරා ගනනාවක් පුරා බොහෝ අය අතින් ඔපමට්ටම් වී වර්ධනය වූ සාහිත්‍යාංගයකි. ඉන්දියානු ජන කතා විමසන විට බොහෝ කතා හින්දු දේව වාදය ඔසවා තැබීමට උනන්දු වී තිබෙන බව පෙනේ. එහෙත් සාමාන්‍ය ජනයා ඇසුරේ වර්ධනය වූ බොහෝ ජන කතාවල දක්නට ලැබෙන්නේ ජනතාව විසින් අවබෝධ කොටලත් අනුභූතික ජීවිත ඥානයයි.
ජනකතාව නූතන සන්නිවේදන කාර්යය උදෙසා අතිශය විශාල මෙහෙයක් සපයන මූලයක් වේ. නූතන පරිණත සන්නිවේදකයෝ ජනකතාව ඒ අයුරින් ගැඹුරු අදහස් සරලව කා වැද්දීම සදහා යොදා ගනියි.
වර්තමානයේ අප රසවිදින බොහෝ නිර්මාණයන්ට මෙකී ජනශ්‍රැති පාදක වී ඇති ආකාරය සාහිත්‍ය තුළ දක්නට ලැබේ. ඒ තුළ නිර්මාණයේ රසය තව තවත් වර්ධනය කර ගැනීමට හා ජනශ්‍රැති තුළ ඇති විශාල දැනුම් සම්භාරය හා ජීවන අත්දැකීම් අලංකාරවත් ලෙස ප්‍රතිනිර්මාණය කොට නූතන නිර්මාණායන් තුළ ගැබ් කොට ඇති ආකාරය දැකිය හැක. නිර්මාණාත්මක සන්නිවේදනය තුළ සන්නිවේදකයාගේ අරමුණ විය යුත්තෙ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරවීමයි. ඒ සදහා ජනශ්‍රැති යොදාගැනීම බෙහෙවින් වැදගත් වේ.
Good job. Very useful article .
ReplyDeleteImportant Article
ReplyDeleteBest👌❤️
ReplyDeleteGreat article ❤️🥂
ReplyDeleteGreat one 👍
ReplyDeleteA very important article👍👍👍
ReplyDeletewonderful work!!
ReplyDeleteGreat
ReplyDeleteඅපේකම
ReplyDeleteBest
ReplyDelete👍👍
ReplyDeleteGood 👌
ReplyDeletegood 👍👍👍
ReplyDeletegood 👍👍👍
ReplyDelete✌️♥️
ReplyDeleteSuperb.. 👌
ReplyDelete