19ට බායි !! 20ට ආයුබෝවන් !!
මෙම කාල වකවානුව තුළ සමාජය පුරා කතා බහට ලක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබදවයි. ඒ වෙනුවෙන් රජය මෙන්ම මහජනතාවද නොයිවසිල්ලෙන් සූදානමින් සිටින බවත් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර මේ වන විට එය 19 වතාවක් සංශෝධනය කර ඇත. එය තවත් වතාවක් සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුව මේ දින වලදී කටයුතු කරමින් පවතී. පසුගිය කාල වකවානුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු යැයි පැවති කතාබහ මේ වන විට තරමක් වෙනස් වී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බවට කතාබහක් ඇති වී තිබේ.
මෙරට ක්‍රියාත්මක වන්නේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර එහි කරුණු යම් යම් අවස්ථාවල වෙනස් කිරීම් වලට ලක්කොට ඇත. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර තිබේ. ව්‍යවස්ථා සංශෝධනයකදී කලින් පැවති ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉවත් කිරිමක් සිදු නොවන අතර අදාළ අවශ්‍ය වෙනස්කම් පමණක් සිදු කරයි. එබැවින් 19 සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කළ කතාබහ අර්ථ විරහිත ප්‍රකාශයක් වේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සිදු කරනවා නම් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් එය ඉදිරිපත් කළ හැකිය.
19 වැනි සංශෝධනය 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් හදුන්වා දුන්නේ විධායකයේ අනිසි බලතල අඩු කිරීමක් වශයෙනි. එම සංශෝධනයේ කරුණු අතර ප්‍රධාන මෙන්ම වැදගත් කරුණු රැසක්ද අන්තර්ගත වූහ. එනම් තොරතුරු අයිතිය මූලික අයිතියක් වීම. එනම් තොරතුරු දැනගැනීම හා තොරතුරු වෙත යොමුවීමට ඇති අයිතිය ඇති අතර ඒ හරහා තොරතුරු දැනගැනීමේ පනතක් ස්ථාපිත විය.
තවද ජනාධිපති වශයෙන් ධුර කාලය මීට පෙර වසර 06ක් දක්වා පැවති අතර මේ තුළින් එම කාලය වසර 05ට සීමා විය. එමෙන්ම ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන අවස්ථා 02ක් දක්වා සීමා කිරීම මේ හරහා සිදු විය. මීට පෙර කාලවකවානු වල ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි අතර මේ හරහා ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් නඩු පැවරිමට හැකියාව ඇති කළේය. මීට පෙර කාලයේදී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට හැකියාව තිබූ අතර මෙම සංශෝධනයෙන් පසු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පත් කිරීමට සිදුවන බවට වගන්ති සංශෝධනය විය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු ඒවා වන අතර මෙම සංශෝධනයේද අඩුපාඩු නැතිවා නොවේ.
වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීමට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබද කරුණු සදහන් කර තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන සංශෝධනය කෙටුම්පතක් සකස් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කළ අතර එහි අමාත්‍යවරුන් 05 දෙනෙකුද නම් කර තිබේ.
අවසන් වශයෙන් කිව යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනතාව වෙත බවය. මෙරට යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කිරීමේ වගකීම ඇත්තේ මෙරට ජනතාවටම බව අවධාරණය කළ යුතුය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ වගකීම වනුයේ 20 වැනි සංශෝධනය පිළිබද බියක් ඇති කරගන්නවා වෙනුවට එහි අඩුපාඩු තිබේ නම් ඒවා සකස් කිරීමට දායක වෙමින් ජනතා අපේක්ෂාව දින වීමට කටයුතු කිරීමයි.
As a student of civil education, this article was very important for my monthly activity. I learned a lot of things I needed to know through this.
ReplyDeleteCongratulations to the authors of this article!!
**Chathumina Hasaranga**
Good job nipuni 💛
ReplyDelete😍 well done 🤗
ReplyDeleteWell done. Keep it up. ❤
ReplyDeleteGood 👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteBest....
ReplyDeleteGood 👍
ReplyDeleteGood job . Well done
ReplyDeleteI agree to this well said ....
ReplyDeleteVery Good
ReplyDeleteGd job❤️
ReplyDeleteImportant article
ReplyDeleteTrueth 👍
ReplyDelete👍👍👍👍👍👍👍👍
ReplyDelete