සුන්දර දෙනියාය..

සුන්දර දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක් වන දෙනියාය දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තිබෙන අතර දකුණුකරයේ සීත පුදේශයක් විදියට දෙනියාය හ ඳු න්වන්න පුලුවන්. පුංචි නුවරඑළිය විදියට හ ඳු න්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්වය නිසාවෙන් සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා. දෙනියායේ සුන්දරත්වය නරඹන්න පැමිණෙන ඔබට නැරඹිය යුතුම ඉතා සුන්දර ස්ථාන කිිපයක් මෙම ලිපිය තුළින් මම අද ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. 1. ගැටබරු පන්සල දෙනියාය කොටපොල ප්‍රදේශයේ පිහිටි ගැටබරු පන්සල සහ දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට මිනිසුන් අතර මහත් විශ්වාසයක් පවතී. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් පූජා භූමියක් විදියට මෙම භූමිය හැ ඳි න්වෙන අතර දිනපතා බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම පූජා භූමිය වන්දනාමාන කිරීමට පැමිණෙයි. කිලෝමීටර කිහිපයක් දුර කන්දක් තරණය කිරීමටද ඇති අතර මග දෙපස රූස්ස ගස් මුදුන් වල විවිධාකාර සත්ත්ව විශේෂයන්ද දැකිය හැකිය. දෙනියායට එන අතරමගදී ගැටබරු පන්සල ...