වෙනස් විය යුත්තේ කොතැනද?

අතීතයේ පටන් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන අප රට සංවර්ධිත රටක් වන්නේ කෙදිනදැයි කිසිවෙකු නොදන්නේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස නම් දරන්නා වූ අප වර්තමානය වන විට එය නමකටම පමණක් සීමා වී ඇති බව නම් පෙනෙන්නේය. ස්වභා සුන්දරත්වය අතින් කිසිවකුට දෙවෙනි නොවන්නට මිහිකත මාතාව ලබා දී ඇති පරිත්‍යාගයන් එමටය. සොබාදම් මාතාවට පිංසිදු වන්නට ලෝකයේ සෙසු රටවල් අතරින් ඉහළින් වැජඹෙන්නට අපට හැකියාව ලැබී ඇත්තේ එබැවින්ය. එවන් පිංවන්ත භූමියක පරිසරය පිරිසිදුව තබාගමු මැයෙන් බෝඩ් කෑලි මංමාවත් පුරා සවිකිරීමට සිදුව ඇත්තේ සතා සිවුපාවන්ට පෙනෙන්ට නොව මිනිස් සත්වයාගේ අවධානය පිණිසමය. මනසෙන් උසස් යැයි පවසන මිනිස් සත්වයාට තවමත් වටහා ගැනීමට නොහැකිව ඇත්තේද මේ කාරණාවය. වෙනස් විය යුත්තේ කොතැනද? මිනිසාට උසස් මනසක් ලැබී ඇත්තේ උසස් ලෙස සිතීමට හා කටයුතු කිරීමටය. අද වර්තමානයේ මාර්ගයක ගමන් කිරීමට සිදුවී ඇත්තේ නාසය වසා ගනිමින්ය. කසළ දැමීමෙන් වළකින්න ලෙස සවිකර ඇති පුවරුව වැසෙන්නම කසළ ගොඩ එතැන දමා යන්නට තරම් මිනිස් මනස අපිරිසිදු වී ඇත්තේය. ඇතැමුන් බස් නැවතුම්පළේ හිදි...