මදක් ආපසු හැරී බලන්නට කොරෝනාවෙන් පාඩමක්..

ඉදින් වසරකටත් වැඩි කාලයක් ඔබේත් මගේත් මුළු මහත් සමාජයේත් එකම කතාබහ තවමත් නොනැවතී ඇත්තේ නැවතීමේ තිත තබන්නට හැකි අවසානයක් නොපෙනෙන නිසාවෙනි. එක හැල්මේ එකිනෙකා පරයා තරගයෙන් දුව ගිය මාවතෙහි එකම තැනක සියල්ල රඳවා නවතා ඇත්තේ ආ මග දෙස මොහොතක් හැරී බලන්නට කාලය උදා කරමිනි. වත්පොහොසත්කම්, බල පුලුවන්කාරකම්, තනතුරු තානාන්තර පෙන්වමින් පුහු අණසක පතුරවමින් බලයෙන් උදම් අනමින් සිටියවුන් ඇඳක් මත වැතිරී හුස්ම පොදක් යදින තත්වයට ඇද වැටී ඇත්තේ කොරෝනාවට සියල්ලෝම සමාන බව පසක් කරමිනි. එකිනෙකා අතර අරගලයන් ගොඩනගාගන්නා පංති භේදයන්, කුල භේදයන් හා වර්ග භේදයන් මිනිසා විසින් මවාගත් අර්තශූන්‍ය පුහු වාගාලාප බව පසක් කරවමින් මුලු මහත් ලෝකයාටම සමානාත්මතාවයෙන් සළකන්නට කොරෝනා වගබලා ගෙන ඇත්තේ වචනයෙන් පමණක් ක්‍රියා ත්මක වූ සමානාත්මතාව ක්‍රියා වෙන් ඔප්පු කරමිනි. අනෙකා සමග කුළල්කමින් වැට ඉන්නකට ගහමරා ගනිමින් දිනෙක බිම් අගලක් ජය ගත්තවුන් කොරෝනා මාරයා ඉදිරියේ අඩි හයේ සීමාවවත් ජය ගත නොහැකිව දැවී අලු වී යන්නේ මළ දේහයේ හිමිකාරීත්වයවත් නිවසට ලබා නොදෙමිනි. වනාන්තර ගිනි තබමින් ගහ කොළ කපාදමමින...