ජනමතය ගොඩනගන ජනමාධ්‍ය මෙහෙවර

ජනමාධ්‍යවල සමාජ හැසිරීම හේතුකරගෙන සන්නිවේදනය හා ජනමතය ලෙසින් සංකල්පයක් නිර්මාණය වී තිබෙනු දැකිය හැක. සන්නිවේදනය ලෙසින් අදහස් කරන්නේ තොරතුරු අදහස් හා ආකල්ප ආදිය හුවමාරු කරගැනීමයි. ජනමතය යනු විවිධ විෂයන් පිළිබද ජනතාව දක්වන ප්‍ර තිචාරයයි. එය පුද්ගලික කරුණක්, පොදු කරුණක්, දේශීය කරුණක්, ජාත්‍යන්තර කරුණක් ආදී ඕනෑම දෙයක් විය හැකිය. සන්නිවේදනය හා ජනමතය අතර පවතින්නේ දෙආකාර සබදතාවකි. සන්නිවේදනය කෙරෙහි ජනමතයේ බලපෑමත් ජනමතය කෙරෙහි සන්නිවේදනයේ බලපෑමත් යනුවෙන් එය වර්ග කළ හැක. සන්නිවේදන මාධ්‍ය මගින් ජනතාව වෙත විවිධ කරුණු ඉදිරිපත් කරයි. ඒවා දේශපාලන, සමාජීය හා ආර්ථික කරුණු විය හැක. ජනතාවගේ අවශ්‍යතාවය මත ඒවා තෝරා ගැනීමට මාධ්‍ය කටයුතු කරයි. ජනතාවට අවශ්‍ය කරන්නේ මොනවාද යන්න පිළිබද විමර්ශනයට සන්නිවේදන මාධ්‍ය කටයුතු කරයි. මෙය සන්නිවේදනය හා ජනමතය අතර පවතින සබදතාවයකි. ඇතැම් රටවල් මාධ්‍ය පර්යේෂණ පැවැත්වීම සදහා විශාල මුදලක් වැය කරයි. බටහිර රටවල මේ තත්වය දක්නට ලැබුණද ලංකාව වැනි රටවල එය බහුල ලෙස පැතිර ගොස් නැත. එසේ කිරීමට හේතු වන්නේ යම් සිද්ධියක් වැඩසටහනක් හෝ අවශ්...