Posts

Showing posts from January, 2021

සුවිශේෂී මිනිසකු වන්න..

Image
"සියලු මිනිසුන් අතර අතිමහරු බුහුමනින් පුද ලන්නේ සුවිශේෂී මිනිසුන්මය.. කුමක් සිදු වුවද ඔවුහු වටහා ගැනීමට උත්සාහ දරති.. සිනහව ඔබට අවැසි තැන ඔවුහු ඔබට සිනහව ගෙන එති ඔවුහු සවන් දෙති.. වදන් අතර අවකාශ වල පවා ඔවුහු සවන් දෙති.. ඔවුහු ඔබව රකිති.. ඔබ වෙනුවෙන් යදින බව ඔබට දැනගන්නට සලස්වති.. සුවිශේෂී මිනිසුන් නිබදවම කළ යුතු නිවරදි දේම දනිති.. ඔවුනට ඔබේ මුළු දිනයම නිපදවිය හැකිය කිසිවෙකුට කළ නොහැකි ලෙස.. කිසිවෙකුට සුසර කළ නොහැකි රහස් බසකින් ඔබ සමග  අදහස් හුවමාරු කරගනිති.. සුවිශේෂී මිනිසුන් ඔබට මගපෙන්වති පුබුදු කරති සුවය ගෙනෙති.. ඔබ දිවිය සිනහවෙන් ආලා්කවත් කරති.. සුවිශේෂී මිනිසුන් ඔබව වටහා ගනිති පෝෂණය කරති ඔබට අවැසි දේ ඔවුහු ආදරයෙන් දැනගනිති.. ඔබ ඇතුළාන්තයේ එන හැගුම් යමෙකුට පැවසිය යුතු විටක.. ඔබට සැගවිය නොහැකි වනු ඇත ඔහු හට නිබදවම ඔබ එය බෙදාගනු ඇත.. සතුට උතුරවන පුවතකදී  ඔබ වෙත හැරෙන්නේ මුලින් සුවිශේෂී මිනිසුන්මය.. සියල්ල කනපිට පෙරළී කදුළු සලන විට ඔබ නිසැක ලෙස සරණ වෙති ඔවුන්.. සුවිශේෂී මිනිසුන්  ඔබේ දිවියට හිරු එළිය ගෙනෙති දුරින් හෝ නුදුරින් සිට ඔබේ ලෝකය උණුසුම් කරති.. සුවිශේෂී මිනිසුන් ...

මගේ දුවේ ඔබ අවදියෙන්නම්..

Image
      මිනිසා සහ සොබාදහම අතර ඇත්තේ අත්‍යන්ත අවියෝජනීය බැදීමකි. එමනිසා සොබාදහමේ අසිරිය අත්විදින්නටත් එය කලාත්මක ලෙස  ප්‍රතිනිර්මාණය කරන්නට මිනිසුන් උත්සුක වෙති. සොබාදහමේ අපූරු රූ රටාවන් මනරම් ලෙස කලාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම සාහිත්‍ය කලා ආදියෙහි නිරන්තරයෙන් දැකිය හැකිය. සොබාදහම හා ගැටෙමින් එය ජය ගැනීමට වෙර දරන මිනිසුන් අතර සොබාදහමට අනුගත වෙමින් කරුණාව දක්වමින් සියුම් සිද්ධීන් පවා ස්පර්ෂ කරමින් සොබා සුන්දරත්වය ප්‍රතිනිර්මාණය කරන අයුරු  මනරම් වේ. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත මේ ගීය සොබාදහම අපට දී ඇති අනර්ඝ දායාද සමූහය පිළිබද වැකි සිත්තමක් වේ.  මගේ දුවේ ඔබ අවදියෙන්නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි..     ඝර්ම කලාපීය රටක දිවි ගෙවන අපට දවාලෙහි හිරු රැසින් මිදී උදාවන රැය ගත සිහිල් කරවන සුවයක් ගෙන එයි. සද රැස් ඇති රැයක මැදියම් රැය පසුවන නිසළ හෝරාවේ අහස් තළය තරු වියනක් සේ දිළෙයි. ලෙවම නිදන සුවබර රෑ යාමේ සිරි අසිරියෙන් මුසපත් වූ හදින් පියෙකු සිය දියණිය අමතයි. මේ නිහඩ යාමයේ ඇය ඇයගේ සුරතල් සරල ලොවෙහි සිහින දෙවිලිය...