Posts

Showing posts from December, 2020

මාර්ගගත අධ්‍යාපනයේ නොදුටු පැතිකඩ..

Image
   සාක්ෂරතා ඥාණය අතින් ලෝකයේ පෙරමුණ ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාවද පෙරමුණින් පසුවන්නේය. වර්තමානයේ මුලු ලෝකයම වෙළාගත් කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවලට මෙන්ම අප රටටද එල්ල වී ඇත්තේ සුලු පටු තර්ජනයක් නොවන්නේය. රටක සංවර්ධනයට ඉදිරි පැවැත්මට තුඩු දෙන බොහෝ කාරණා අතර සියල්ලන්ගේම කතාබහට ලක්වන ප්‍රමුඛ කාරණාවක් වශයෙන් අධ්‍යාපන කාර්යය සුවිශේෂ වේ. අප මුහුණ දෙමින් සිටින දරුණු වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පෙරපරිදි පවත්වා ගෙන යාමට නොහැකි වී තිබේ. එම තත්වය හේතුවෙන් රට පුරා සියලු පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන සියල්ල වසා දමමින් මෙම වසංගත තත්වය පාලනය කරගැනීමට බලධාරීන් කටයුතු කරන ආකාරය වර්තමානයේ දැකිය හැකිය. මෙකී තත්වය මත නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධයාපන කටයුතු පවත්වාගෙන යාමට බොහොමයක් පාසල් ගුරුවරුන් මෙන්ම උපකාරක පංති ගුරුවරුන් වර්තමානයේ කටයුතු කරන ආකාරය සමාජ තුළ විශාල වශයෙන් දැකිය හැක. මෙකී පෙනෙන ලෝකය තුළ සැගවුණු නොපෙනෙන යථාර්තය තුළ පීඩාවි ඳි න අසරණ වන අහිංසක ජීවිත දහස් ගණනක් පවතී. සමාජයේ පවතින සම්පත් බෙදීයාමේ විශමතාවය තු...