Posts

Showing posts from August, 2021

මෘදු බලය ( Soft Power) යනු..

Image
           මෙය 1988 දී පමණ සාකච්ඡාවට ලක් වූ සංකල්පයකි. ජෝශප් නායි, දයා කිෂාන්, නරේන් චිට්ටි යනාදීන් මේ පිළිබ ඳ  ගැඹුරු අධ්‍යනයන් කරන විද්වත්හු වෙති. තමාන්ට අවශ්‍ය දේ සිදු කිරීමට අන් අය තුළ අවශ්‍යතාවයක් ඇති කිරීමට හැකිවීම මෘදු බලය (Soft Power) ලෙස ජෝශප් නායි අදහස් කර ඇත.  බලය යනු යමක් කිරීමට ඇති හැකියාවයි. අන් අය ලවා යමක් කිරීමට ඇති හැකියාව බලය වන අතර බොහෝ විට එය සිදු කරන්නේ බිය ගැන්වීමකින් නැතහොත් ඒ සඳහා ගෙවීමක් සිදු කිරීමෙනි. දේශපාලන වශයෙන් බලය ව්‍යාප්ත කිරීමට යුද්ධ කරනු ලැබේ එය දෘඩ බලය (Hard Power) වේ.සෑම විටම එය බලපාන ආකාරය අපට පුද්ගලමය වශයෙන්, පුද්ගල සමූහ වශයෙන් හෝ භෞතික වශයෙන් අපට දැනෙන්නකි. එය නිශ්චිතව හඳුනා ගත හැකි වන බලයකි.     නමුත් මෘදු බලය මීට හාත්පසින් වෙනස් ආකාරයක් ගනී. එහි ඇත්තේ සැගවුනු මුහුණතකි. එය හුදෙක් බලපෑමේ හැකියාව පමණක් නොවන්නේය. මෘදු බලය යනු ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාවයි. මේ තුළ අප මෘදු බලයෙහි ගහණයට හසුවූ මොහොත, එහි හැඩය අපට නොදැනේ. එය පුද්ගල මනෝභාවයට, ආකල්ප වලට හා සංස්කෘතික පිළිගැනීම් වලට බලපාන්නක් වන අතර භෞතිකමය ...